Sunday, Apr 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය පොලොන්නරුවේ ජලභීතිකා දින සැමරුමට පාගමනක්

පොලොන්නරුවේ ජලභීතිකා දින සැමරුමට පාගමනක්

  • පී.ඩී.එෆ් (PDF)
Polonnaruwa__Pix_01_Helth
Polonnaruwa__Pix_04__Helth

'වසර 2016 දී ජලභීතිකාවෙන් තොර ශ්‍රී ලංකාවක්' යන තේමාව යටතේ ලෝක ජලභීතිකා දිනයේ ජාතික සැමරුම් උත්සවය අද (30) පෙරවරුවේ පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේ දී පැවැත් වූ බව පොලොන්නරුව අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

ජලභීතිකා මර්දනය සම්බන්ධයෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඉහළ වර්ධනයක් පෙන්වන බවත් දිස්ත්‍රික්කය තුළ දැනට වසර 05ක පමණ කාලයක් තුළ කිසිදු ජලභීතිකා මරණයක් වාර්තා නො වූ අතර දිස්ත්‍රික්කයේ සුනඛ එන්නත් ආවරණය 90% ඉක්මවන බවත් මේ අවස්ථාවේ අනාවරණය විය.

මෙහි දී ජලභීතිකා මර්දනය පිළිබඳ පා ගමනක් ද සංවිධානය කර තිබූ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, රෝහල් කාර්ය මණ්ඩලය, හෙද නිලධාරීන් සහ ජලභීතිකා මර්දන අංශයේ නිලධාරීන් ජලභීතිකා මර්දනය සම්බන්ධයෙන් කරන ලද සේවාව අගයනු වස් ඇගයීමේ සහතික පත්‍රයක් ද පිරිනමන ලදී.

පොලොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ජලභීතිකා අංශය මෙය සංවිධානය කර තිබූ අතර උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍ය පේෂල බණ්ඩාර තිලකරත්න මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

NDH/ WK-DMU Polonnaruwa