Monday, Nov 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ප්‍රාදේශීය ළමා සහ වැඩිහිටි දින සැමරුම් උත්සව රැසක් මහනුවර දී

ළමා සහ වැඩිහිටි දින සැමරුම් උත්සව රැසක් මහනුවර දී

  • පී.ඩී.එෆ් (PDF)
child_and_elder

ඔක්තෝබර් 01ට යෙදෙන ලෝක ළමා දිනයට සහ වැඩිහි‍ටි දිනයට සමගාමී ව අද  (01) මහනුවර දිස්ත්‍රික්කය පුරා සැමරුම් උත්සව රැසක් පැවැත්වීමට රාජ්‍ය ආයතන සහ විවිධ ආයතන ඒකාබද්ධ ව කටයුතු සුදානම් කොට ඇති බව මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

ඒ අනුව ලෝක ළමා දිනය සැමරීමේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය දිසාපති ගාමිණී සෙනෙවිරත්න මහතාගේ සහ ගඟවට කෝරළය ප්‍රාදේශීය මහ ලේකම් බණ්ඩාර තෙන්නකෝන් මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පෙ.ව 8.30 සිට මහනුවර දිසා ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.

පරිවාස සහ ළමාරක්ෂක දෙපාර්තමේන්තුව, පිඩ්ස්රෝ ආයතනයේ අනුග්‍රහය ඇති ව පවත්වන මෙම වැඩසටහනේ දී ළමා හිංසනය අවම කිරීම පිළිබඳ මහනුවර, කටුගස්තොට සහ පේරාදෙනිය නගරයන්හි දී වීදි නාට්‍ය, පෝස්ටර් සහ බැනර් යොදාගෙන මහජනයා දැනුම්වත් කිරීමට ද නියමිතය.

සමෘද්ධි අධිකාරිය සහ පෙන්ටියම් පැස්ටල් ආයතනය එක් ව චිත්‍ර තරගයක් පැවැත්වෙන අතර ‍‍පෙර පාසල් ගුරුවරුන් සඳහා චිත්‍ර ඇඳීමේ කලාව පිළිබඳ  වැඩමුළුවක් ද පැවැත්වේ. උඩරට සංවර්ධන අධිකාරිය සහ හතරලියද්ද වැඩිහිටි බල මණ්ඩලය,  ප්‍රාදේශීය ළමා සභාව පවත්වන සැමරුම් උත්සවය හතරලියද්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්වීමටත් කටයුතු යොදා ඇත.

මෙදින ම දෙල්තොට සංස්කෘතික මධ්‍යස්ථානය සංවිධානය කරන වැඩසටහන අද පෙ.ව 8.30ට ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ‍‍කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර තරුණ ‍‍බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැත්වේ.

මෙහි දී වැඩිහිටියන් සඳහා බුදු පිළිම 200ක් ද සහභාගි වන දරුවන් සඳහා පාසල් පොත් ප්‍රදානය කිරීමට ද නියමිතය. මේ අවස්ථාවට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් විමල් රූබසිංහ මහතා ද සහභාගි වේ.

NDH/ GNK- ISB DMU Kandy