දකුණු ආසියානු 6 වන ව්‍යාපාරික සමුළුව චීනයේ

PM_china
PM_china_1

ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ශ්‍රී ලංකා අගමැතිවරයා අවධාරණය කරයි
ශ්‍රී ලංකාව ද ජාතියක් ලෙස නැඟීසිටිමින් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට අවතීර්ණ වී ඇති අතර ලොව ඉහළපෙළේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ඇතැයි ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය  දි.මු. ජයරත්න මහතා චීනයේ පැවැත්වෙන දකුණු ආසියානු රටවල 6 වන ව්‍යාපාරික සමුළුව අමතමින් අද (05) පැවසීය.

දකුණු ආසියානු රටවල 6 වන ව්‍යාපාරික සමුළුව අද චීනයේ යූනාන් ප්‍රාන්තයේ හෙයිජින් සම්මේලන මධ්‍යස්ථානයේ (Yunnan, Haigeng Convention Center) දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය  දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹුණි.

චීනයේ හා දකුණු ආසියානු කලාපයේ රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයෝ එයට එක් ව සිටිති.

‘චීනය හා දකුණු ආසියානු කලාපීය රාජ්‍යයන් අතර පවතින ආයෝජන හා වෙළෙඳ ක්‍රියාවලිය‘ මැයෙන් සමුළුවේ සමාප්ති දේශනය පවත්වන ලද්දේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යතුමා විසිනි.

කලාපයේ රාජ්‍යයන් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ දී මෙවැනි ව්‍යාපාරික සමුළු පැවැත්වීම කාලෝචිතය. ශ්‍රී ලංකාව ද ජාතියක් ලෙස නැඟීසිටිමින් ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට අවතීර්ණ වී ඇති අතර ලොව ඉහළපෙළේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා තිබේ. ත්‍රස්තවාදය සහමුලින් ම අවසන් කළ ශ්‍රී ලංකාව මේ වනවිට සාමකාමී දේශයකි. එවැනි පසුබිමක් ශ්‍රී ලංකාවට උදාකර දෙන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා යැයි ජයරත්න මහතා එහිදී පැවසීය.

වර්තමානයේ ශ්‍රී ලංකාවට ළඟාකර ගැනීමට ඇති ප්‍රධානතම ඉලක්කය වන්නේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමය. එය සාර්ථක කරගැනීම සඳහා සහය වන ලෙස අග්‍රාමාත්‍යවරයා චීනයෙන් සහ දකුණු ආසියානු කලාපීය රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේ ය.

මේ සමුළුව සඳහා චීන මහජන සමූහාණ්ඩුවේ යූනාන් ප්‍රාන්තයේ කොමියුනිස්ට් පක්ෂ ලේකම් බායි ඉන්පි මහතා, කර්මාන්ත හා වාණිජ අමාත්යළ රිෂාද් බදියුදීන්, අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර සහ චීනයේ වැඩබලන තානාපති කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහත්වරුන් ද එක් ව සිටියහ.

Hc