Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස් ශ්‍රී ලංකාවට එරෙහි ව අසත්‍ය චෝදනා එපා

ශ්‍රී ලංකාවට එරෙහි ව අසත්‍ය චෝදනා එපා

  • පී.ඩී.එෆ් (PDF)

යුරෝපයේ ශ්‍රී ලාංකේය ප්‍රජාව එක හඬින් කියති
sl_protest_in_Genevaචැනල් ෆෝ නාලිකාව හා දරුස්මාන් වාර්තාව හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්කිරීමේ ඇරමුණින් ඇතැම් අන්තවාදීන් විසින් දියත් කරන ලද අසත්‍ය චෝදනාවලට විරෝධය පළ කරමින් අද (13) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සම්මේලන මූලස්ථානය ඉදිරිපිට යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වුණු බව වාර්තා වේ.

ත්‍රස්තවාදය තුරන් කර දැවැන්ත සංවර්ධනයක් හරහි ශ්‍රී ලංකාව පෙරට යන මෙවන් මොහොතක රට අරාජිකත්වයට පත්කිරීම සඳහා මේ මොහොතේදී ජාත්‍යන්තර අතපෙවීම් සිදුනොකරන ලෙස මේ උද්ඝෝෂණයට එක් වූ ශ්‍රී ලාංකිකයෝ එක හඬින් කියා සිටියහ.

චැනල් ෆෝ නාලිකාවට මෙන් ම දරුස්මාන් වාර්තාවට එරෙහි ව විරෝධය පාමින් යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අත්සන් ඇතුළත් පෙත්සමක් ද මෙහිදී එක්සත් ජාතීන්ගේ කාර්යාලය වෙත භාර දෙනු ලැබිණි.

ශ්‍රී ලංකා හමුදා මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරන බටහිර බලවේගවලට කොටින් විසින් සිදු කරන ලද අරන්තලාව භික්ෂු ඝාතනය, ජය ශ්‍රී මහා බෝධිය, දළදා මාලිගාව, කාත්තන්කුඩි පල්ලිය වැනි පූජනීය ස්ථානයන්ට පහරදුන් ආකාරය අමතක නොකරන ලෙසත් ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය නොකරන ලෙසත් එහි රැස් ව සිටි පිරිස ඉල්ලා සිටියහ.

විරෝධතා පුවරු ඔසොවාගෙන, උද්ඝෝෂණයට එක්වූවෝ මාතෘභූමිය ජාත්‍යන්තර පාවාදීම්වලින් බේරාගැනීමට මහත් උද්යෝගයකින් යුතු ව එක්සත් ව විරෝධතා ව්‍යාපාරයට එක් ව සිටියහ.

HC/ඡායාරූප: සුදත් සිල්වා

sl_protest_in_Geneva

sl_protest_in_Geneva_0

sl_protest_in_Geneva_1

sl_protest_in_Geneva_2

sl_protest_in_Geneva_3

sl_protest_in_Geneva_4