Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස් ශ‍්‍රී ලංකාවට එරෙහි ප‍්‍රචාරවලට අපේ මුළු මහත් ශක්තිය යොදවා ක‍්‍රියා කරන්නෙමු

ශ‍්‍රී ලංකාවට එරෙහි ප‍්‍රචාරවලට අපේ මුළු මහත් ශක්තිය යොදවා ක‍්‍රියා කරන්නෙමු

  • පී.ඩී.එෆ් (PDF)
geneva_unhcr_0

අමාත්‍ය සමරසිංහ ජිනීවා නුවරදී
“සාධනීය ආකලනයකින් ඉදිරිපත් කරගතහොත් සාධාරණ විවේචන හා අදහස් භාර ගැනීමට අපි සැදී පැහැදී සිටිමු. එහෙත්, අප ගොඩනඟමින් සිටින නව ශී‍්‍ර ලංකාවට හානිකර න්‍යාය පත‍්‍රයක් සහිත වූ පුද්ගලයන් හා කණ්ඩායම් විසින් අසාධාරණ ලෙස පුන පුනා ඉදිරිපත් කරන නිර්දය ප‍්‍රචාරවලට එරෙහි ව, අපි අපගේ මුළු මහත් ශක්තිය යොදවා කි‍්‍රයා කරන්නෙමු” යැයි,  ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින්, ශී‍්‍ර ලංකා නියෝජිත කණ්ඩායමේ නායක, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා  ඊයේ (12) පැවසීය.

මානව හිමිකම් පිළිබඳ ශී‍්‍ර ලංකා ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතයා ද වන අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය.

“විවෘතභාවය යන අන්‍යොන්‍ය ගෞරවය සහිත අපේ සියලු සුහද මිතුරන් සමඟ සහයෝගී ව කටයුතු කිරීමේ අපේ අභිලාෂය අප විදහා දක්වා ඇති බව ද, මෙම ක්ෂෙත‍්‍රයේ සාධනීය වර්ධනයක් වරින් වර වාර්තා කළ බව ද,  ඕනෑ ම යුක්තිසහගත පුද්ගලයෙකු පිළිගනු ඇත. එහිදී අප බලාපොරොත්තු වූ ප‍්‍රතිචාරය වූයේ, සමබර තක්සේරුවක් සහ අපේ අවංකභාවය සනාථ කිරීමේ අවස්ථාවක් ලබා ගැනීම පමණි.”

“2009 මැයි, යුද ගැටුව නිමවීමට කලකට පෙරදී ම, එල්ටීටීඊ සංවිධානයේ ජාත්‍යන්තර ජාලයේ විසිරුණු කොටස් සහ වෙනත් පාර්ශවයන්, විසින් ශී‍්‍ර ලංකාව අඛණ්ඩ පීඩනයට ලක් කිරීමට දැඩි ලෙස කි‍්‍රයාකාරී වන බව අපි අපේ ජාත්‍යන්තර මිතුරන්ට හා සගයන්ට අනතුරු හඟවා තිබිණි. ශී‍්‍ර ලංකා විරෝධී ඩයස්පෝරාව ඉතා සංවිධානාත්මක බව ද, ඔවුන් සතු සියලු සම්පත් මෙම පීඩනය පවත්වාගෙන යාමට හා තීව‍්‍රර කිරීමට භාවිතා කරයි. සාමයේ ඵල නෙලා ගැනීමේදී සියලු ශී‍්‍ර ලංකා ජනතාව වඩා යහපත් අනාගතයක් සාක්ෂාත් කර ගැනීමේ දී, මෙම තත්ත්වය බලගතු තර්ජනයක් බව ද පැහැදිලි කළ අමාත්‍යවරයා, ශී‍්‍ර ලංකා ජනතාව එවන් දීප්තිමත් අනාගතයකට අනිවාර්යෙන් ම හිමිකරුවන් බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකාව ඉලක්ක කර ගනිමින් විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන ප‍්‍රහාර පිටුපස, බොහෝ බොහෝ අභිපේ‍්‍රරණයන් දක්නට ඇත. රජයක් වශයෙන් මෙම ප‍්‍රවණතාව පිළිබඳ ව, අප අඛණ්ඩ ව අනතුරු හඟවා, එබඳු ප‍්‍රචාරයන් පිළිබඳ ව සාවධානයෙන් පසුවන ලෙස අපගේ මිතුරන්ට දන්වා සිටියෙමු.

ශී‍්‍ර ලංකාවේ තත්ත්වය සමස්තයක් ලෙස සලකමින් අවධානය යොමු කර දේශීය දේශපාලන පටු අරමුණු හා වෙනත් ආත්මාර්ථකාමී වුවමනාවන් නොසලකා හරින ලෙස අපි ඔවුන්ට ආයාචනා කළෙමු. ත‍්‍රස්තවාදය පරාජය විසින් නව ශී‍්‍ර ලංකාවක් ගොඩ නැගීමෙහිලා සාදා දෙන ලද කදිම අවස්ථාවේ, මෙම ප‍්‍රකාශ කරන්නන් හමුවේ ඇතැම් විට නොපෙනී යනු ඇතැයි සිතමු. අප සමග සංවාදවලදී මෙම නව යථාර්ථය පිළිබඳ ව ඔවුන්ට ඒත්තු ගන්වා, හැකි නම්, නව ජාතියක් ගොඩනැගීමේදී භාෂාව, ජන වර්ගය, ගොවි සංස්කෘතික පසුබිම නොතකා දමා ශී‍්‍ර ලාංකිකයෙකු ම සාදරයෙන් පිළිගෙන ඔහු ව ඇය ව සිය පූර්ව ශාක්‍යතාව වර්ධනට කර ගැනීමේ අවස්ථාව ලබාදෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

පිල්ලේ මහත්මියගේ අපක්ෂපාතීත්වය ගැන සැකයක් තම ප‍්‍රකාශයේ අග භාගයේදී මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතික මහ කොමසාරිස් එන්. පිල්ලේ මහත්මිය තම නිලයේ විශ්වාසනීයබව කෙරෙහි සැක පහළ කරවන අනිසි කි‍්‍රයාකාරිත්වය අමාත්‍යවරයා විසින් විවේචනයට ලක් කරනු ලැබිණි.

“විශ්වාසනීයබව, විනිවිදභාවය, වාස්තවිකත්වය අපක්ෂපාතිත්වය, සහ තෝරා බේරා ගැනීම වැනි මානව හිමිකම් කවුන්සිලයේ වැඩ කටයුතු පාලනය කෙරෙන මූලධර්මයන්ට අනුකූල ව ඇය කි‍්‍රයා කළ යුතු බව අපි විශ්වාස කරමු. එසේ කිරීමේදී සාධාරණ හා සමාන ආකාරයකින් මානව හිමිකම් ප‍්‍රවර්ධනය හා සුරැකීම පිළිබඳ දැක්ම ඇය සතු විය යුතු අතර ම, දේශපාලනීකරණය හා දෙබිඩි පිළිවෙත් මුලිනුපුටා දැමීමේ වැදගත්කම ද ඇය වටහා ගත යුතුය.”

“මහ කොමසාරිස්වරියගේ අපක්ෂපාතීත්වය පිළිබඳව මෙම සිද්ධිය බරපතළ සැක මතු කරන බව” ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සභාපතිතුමනි,

මෙම කවුන්සිලය විසින් එබඳු කි‍්‍රයාකාරීත්වයන් පිටු දැකිය යුතුය. අද මෙම ගැටළුවට මුහුණ දෙන්නේ ශී‍්‍ර ලංකාවේ නම් හෙට වෙනත් සාමාජික රටක් විය හැකිය.”

HC/priu