Saturday, Sep 22nd

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස් ත්‍රස්තවාදයේ තෝතැන්නක් සපයාදීමට ශ්‍රී ලංකාව සූදානම් නැත

ත්‍රස්තවාදයේ තෝතැන්නක් සපයාදීමට ශ්‍රී ලංකාව සූදානම් නැත

  • පී.ඩී.එෆ් (PDF)
Thamara_Kunanayakam_UN

තානාපති තමාරා කුනනායකම්
ඇතැමුන්ට කොතරම් අමිහිරි වූව ද 2009 සිට ම ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ශ්‍රී ලංකාව තුළ අවකාශයක් නොමැත. වෙනත් අප හා එකඟ වන රටවල් මෙන් අප ද කෙසේ සිටියත් ත්‍රස්තවාදීන්ට තෝතැන්නක් නිර්මාණය කිරීමට අප සූදානම් නැතැයි එක්සත් ජාතීන් සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම් මහත්මිය ජිනීවා නුවරදී පැවසුවාය.

සැප්තැම්බර් 12 වන දා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 18 වන සැසියේ 02 අයිතමය යටතේ පැවති පොදු විවාදයට සහභාගී වෙමින් එසේ පැවසු ශ්‍රී ලංකා තානාපතිනිය මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරියගේ පක්ෂපාතිත්වය නැවත වරක් ප්‍රදර්ශනය කර ඇතැයි හෙළි කළාය.

ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකාවේ මෙහෙයුම මානව හිමිකම් පිළිබඳ ව ප්‍රමාණවත් අවධානයක් රහිත ව සිදු කළාය යන මහ කොමසාරිස්වරියගේ අවධාරණය ගැන සඳහන් කළ කුනනායකම් මහත්මිය ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ මානුෂික මෙහෙයුමක් යනු ස්වෛරී රාජ්‍යයක හා එහි ජනතාවගේ ක්‍රියාමාර්ගයේ කොටසක් යැයි පැවසුවාය.

ගැටුම පැවැති ප්‍රදේශවල ජනතාවගේ ජීවිත යළි ගොඩනැගීමට ද, යළි පදිංචි කිරීමට ද, විශාල පිරිවැයක් දරමින්, ශ්‍රී ලංකාව පියවර ගත් බව කාහටවත් සැඟවිය නොහැකි ය. ශ්‍රී ලංකාවේ ජනතාවටත්, ශ්‍රී ලාංකීය රජයටත් එරෙහි ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් සතු යුදමය ශක්තිය සහමුලින් ම බිඳ හෙළූ බව කාහටත් පැහැදිලි යැයි ඇය තවදුරටත් පැවසුවා ය.

ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තමාරා කුනනායකම්ගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

සභාපතිතුමියනි,

ඇතැමුන්ට කොතරම් අමිහිරි වුව ද, 2009 සිට ත්‍රස්තවාදයට නැවත හිස එසවීමට ශ්‍රී ලංකාව අවකාශයක් ලබා දී නොමැත. වෙනත් අප හා එකඟ වන රටවල් මෙන් අප ද, කොහේ සිටියත් ත්‍රස්තවාදයට තෝතැන්නක් නිර්මාණය කිරීමට අප සූදානම් නැත.

අද දින කවුන්සිලයේ දී මහ කොමසාරිස්වරයගේ පක‍්ෂපාතීත්වය නැවත වරක් ප්‍රදර්ශනය කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමාට උපදේශාත්මක කාර්යයන් සඳහා ම සකසනු ලැබු දරුස්මාන් වාර්තාවේ සුවිශේෂ නිකුත් කිරීමෙන් පසු මේ වසරේ අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ ජයග්‍රාහි මානුෂික මෙහෙයුම ත්‍රස්තවාදයට එරෙහි ව සටන් කිරීමේ මුවාවෙන් ක්‍රියාත්මක කළ එකක් ලෙස කොමසාරිස්වරිය හඳුන්වා දුන් බව ඔබට මතක ඇත.

ඉක්බිති ජූනි මාසයේ පැවැත්වුණු කවුන්සිලයේ සැසියේ දී ඇගේ ප්‍රකාශයේ අමූලික අසත්‍යතාව ගැන ශ්‍රී ලංකාව එවෙලේ ම ඇයට මතක් කර දුන්නාය. මෙම සන්දර්භය තුළ සැප්තැම්බර් 11 ඛේදවාචකයත් සමඟ ම ආත්මාරක්ෂාවේ අයිතිය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් පනවමින් 2001 සැප්තැම්බර් මස සම්මත වූ 1368 හා 1373 යන යෝජනාව මඟින් රාජ්‍ය නොවන ක්‍රියාකාරින් විසින් දියත් කර එබඳු ත්‍රස්තවාදය අක්‍රිය කරන ලෙස මැඬ පවත්වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවට ආයාචනා කරනු ලැබුවාය. ත්‍රස්තවාදි ප්‍රහාරයන් හමුවේ මානුෂික මෙහෙයුම වනාහි ස්වෛරි රාජ්‍යයක් සහ එහි ජනතාවගේ ක්‍රියාමාර්ගයක කොටසක් වනු ඇත. යුද ගැටුම් පැවති ප්‍රදේශවල ජනතාවගේ ජීවිත යළි ගොඩනැඟීමට ද යළි පදිංචි කිරීමට ද විශාල පිරිවැයක් දරමින් ශ්‍රී ලංකාව පියවර ගත් බව කාහටත් සැඟවිය නොහැකිය. ශ්‍රී ලංකාවේ ජනතාවටත්, ශ්‍රී ලාංකීය රජයටත්, එරෙහි ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් සතු යුදමය ශක්තිය සහමුලින් ම බිඳ හෙළු බව කාහටත් පැහැදිලිය.

ලෝකයේ කුරිරුතම ත්‍රස්තවාදී සංවිධානයක් සමඟ ශ්‍රී ලංකා රජයට යුද ගැටුමකට මැදි වීමට සිදු වූ බව ජාත්‍යන්තර ප්‍රජාවට ඉතා පැහැදිලි නිසා මහ කොමසාරිස්වරියගේ අර්ථ නිරූපනය මුළුමනින් ම අගතිගාමීය. වර්තමාන සන්දර්භය පිළිබද ඉතා අගතිගාමී ලෙස නිසි අවධානය යොමු නොකර මෙම විකෘති කිරීම් නැවත වරක් මතු කර ඇත.

මානව හිමිකම් කෙරෙහි නිසි අවධානය යොමු නොකර ත්‍රස්තවාදයට එරෙහි ප්‍රහාර සිදු කළ බවට මහ කොමසාරිස්වරියගේ අවධාරණය මා ඉඳුරා ම ප්‍රතික්ෂේප කරමි. විශේෂයෙන් ම සංහිඳියා ක්‍රියාදාමයේදී ශ්‍රී ලංකාව තබා ඇති යෝධ ඉදිරි පියවර ද අද උදයවරුවේ අප නියෝජිත කණ්ඩායමේ නායකයා සඳහන් කළ වෙනත් බොහෝ ක්‍රියාමාර්ග ද සලකා බැලීමේ දී මහ කොමසාරිස්වරියගේ අවධාරණය මම තරයේ ප්‍රතික්ෂේප කරමි.

ශ්‍රී ලංකා රජයේ පිළිවෙතේ සුවිශේෂි වෙනසක් (හැරවුම් ලක්ෂයක්) දකින්නට ඇති බව පිළිගැනීමට ද මහ කොමසාරිස්වරිය මැළි වන බව මට පැහැදිලි ය. හදිසි අවස්ථා නීතිය ඉවත් කිරීම සඳහා ද ඇය ඉතා සරල අයුරින් සඳහන් කරමින් හදිසි නීතිය මුළුමනින් ම ඉවත් කළ බව පිළි නොගනී. සැබෑ නෛතික තත්ත්වය ගැන මහකොමසාරිස්වරිය විසින් කවුන්සිලය නොමඟ යවනු ලැබ ඇති බව හදිසි නීතිය ඉවත් කිරීම පිළිබඳ ඇයගේ සඳහනින් සනාථ වන බව ශ්‍රී ලංකාවේ ස්ථාවරයයි.

ගරු සභාපති තුමියනි,

ආරක්ෂාව පිළිබඳ නීතියක අවශ්‍යතාව සෑම සාමාජික රටක් විසින් ම පිළිගනු ලැබීම අගය කළ යුතුය. දැනට ශ්‍රී ලංකාවේ පවතින රාජ්‍යාරක්ෂාව පිළිබඳ නීතිය වෙනත් සමහර රටවල පවතින නූතන ව්‍යවස්ථාවලට වඩා ඉතා ලිහිල් බව සැලකිය යුතුය. ත්‍රස්තවාදය මර්දනය කිරීමෙහිලා එම රටවල නීති ඉතා දැඩි ය.

රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය දුර්වලවීම මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍යය දුර්වල වීම පිළිබඳ ඇගේ ප්‍රකාශය ද මම තරයේ ම ප්‍රතික්ෂේප කරමි. ශ්‍රී ලංකා ජනරජයේ ව්‍යවස්ථාවේ නීතිගත කර ඇති රාජ්‍ය ප්‍රතිපත්තිවල මූලධර්මවල සහ මූලික අයිතිවාසිකම්වල ගැබ්වුණු නීතියේ ආධිපත්‍යයට ද ජාත්‍යන්තර නීතියේ සහ පරිපාලන සහ පාලනයේ ස්ථාපිත මූලධර්මවලට ද අනුකූල ව සියලු ජාතික ආයතන ක්‍රියාත්මක වන බව මා සඳහන් කළ යුතුය. සමස්ත ජාතියේ එක්සත්භාවය, සාධාරණත්වය හා යුක්තිය මත පදනම් වුණු රටක් ගොඩනැගීමට අපි කැප වී සිටිමු.

HC/PRIU