Wednesday, Jun 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස් ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති වැඩ අරඹයි

ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති වැඩ අරඹයි

  • පී.ඩී.එෆ් (PDF)
asitha_perera_ambassodor_Italy

ශ්‍රී ලංකා රජයෙන් ඉතාලියට පත්කළ නව තානාපති අසිත පෙරේරා මහතා පසුගිය 16 වැනි දා සිට සිය තනතුරේ වැඩ ආරම්භ කර ඇත.

ඉතාලියට අමතර ව ග්‍රීසිය, සයිප්‍රසය, මෝල්ටාව සහ අල්බේනියා යන රටවල ද ශ්‍රී ලංකා තානාපති ලෙස ඔහු රාජකාරි කටයුතු කරයි. මේ රටවල ලක්ෂයකට අධික ශ්‍රී ලාංකික පිරිසක් සේවය කරති. එම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩ කටයුතු රාශියක් සිදුකළ යුතු ව ඇතැයි එම ශ්‍රී ලාංකිකයෝ පවසති.

දිනෙන් දින ප්‍රමාද වන ඉතාලි රියදුරු බලපත්‍ර ප්‍රශ්නය පිළිබඳ ව ඔහුගේ විශේෂ සැලකිල්ල යොමු වනු ඇති බවත් ඉතාලියේ සෑම ප්‍රදේශයක් ම ආවරණය වන පරිදි නිරතුරු ව තානාපති ජංගම සේවා පැවත්වීම, මහජන සම්බන්ධතා සහ සමාජ සේවා කටයුතුවලට ප්‍රමුඛත්වයක් ලබාදීමත් නව තානාපතිවරයාගෙන් අපේක්ෂා කරන බව ඔවුහු පවසති.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ද ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතන කිහිපයක සභාපති වශයෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වශයෙන් ද මීට පෙර පෙරේරා මහතා කටයුතු කර තිබේ.

Hc/AH Italy