Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස් මෙරට ඉංජිනේරු ඥානයෙන් බංගලාදේශයට දැවිතෙල් බලාගාර දෙකක්

මෙරට ඉංජිනේරු ඥානයෙන් බංගලාදේශයට දැවිතෙල් බලාගාර දෙකක්

  • පී.ඩී.එෆ් (PDF)
ශ්‍රී ලාංකේය ඉංජිනේරු ඥානයෙන් බංගලාදේශයේ ඩකා නුවර ආසන්නයේ ඉදිකරන ලද දැවිතෙල් බලාගාරවලින් උත්පාදිත විදුලිබලය පසුගියදා බංගලාදේශයේ ජාතික විදුලිබල පද්ධතියට එක්විය.

ශ්‍රී ලාංකේය ඉංජිනේරු හා ඉදිකිරීම් සමාගමක් වන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය විසින් මෙගාවොට් 100 බැගින් වූ මෙම දැවිතෙල් බලාගාර දෙක ඉදිකරන ලදී.

බංගලාදේශයේ බලශක්ති හා ඛනිජ සම්පත් අමාත්‍යාංශය යටතේ බලශක්ති සංවර්ධන මණ්ඩලයේ යටිතල පහසුකම් මත ඉදිවූ නිදහස් බලශක්ති ව්‍යාපෘතියක් ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතිය, අපේක්ෂිත ඉදිකිරීම් කාලසීමාවට මසකට පෙර නිමකිරීමට සමත්වීම දේශීය වශයෙන් අප ලද භාග්‍යයක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

දේශීය ඉංජිනේරු දායකත්වයට අමතර ව මෙම දැවිතෙල් බලාගාර දෙක සඳහා අවශ්‍ය විවිධ යන්ත්‍රෝපකරණ, සිසිලන පද්ධති, ගබඩා කිරීමේ ටැංකි සහ පොම්ප කිරීමේ උපකරණ, බලාගාරය ඇතුළත ඉදිකිරීම් සඳහා අවශ්‍ය යකඩ රාමු, මධ්‍ය හා අඩු වෝල්ටීයතා පද්ධති, පාලන පද්ධති ආදිය අප රටේ නිෂ්පාදන වීම ද මෙහි විශේෂත්වයකි.

ඇමරිකානු ඩොලර් මිලියන 92ක මුල්‍ය ප්‍රතිපාදන මත ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනයේ ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් දායකත්වයෙන් ඉදිවූ මෙම විදුලි බලාගාර හේතුවෙන් ශ්‍රී ලංකාවට විදේශීය වශයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ දොරගුළු විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

KMB