Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස් විදේශ රැකියා ඇමතිගේ දකුණු කොරියානු සංචාරය ඵල දරයි

විදේශ රැකියා ඇමතිගේ දකුණු කොරියානු සංචාරය ඵල දරයි

  • පී.ඩී.එෆ් (PDF)
MP_dilan_perara

ලෝකයේ ප‍්‍රධාන පෙළේ නිෂ්පාදන සමාගමක් වන හයිඋන්ඩායි (Hyundai) කර්මාන්තායතනයට ඉදිරියේදී ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයන් වැඩි වශයෙන් බඳවා ගැනීමට එහි පාලනාධිකාරිය එකඟතාව පළකොට තිබේ.

විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් පසුගියදා දකුණු කොරියානු සංචාරයක නිරත වූ අවස්ථාවේදී එම සමාගමේ පාලනාධිකාරය සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම එකඟතාව පළ වී ඇත.

දකුණු කොරියාවේ බූසාන් නගරයේ පිහිටි හයිඋන්ඩායි නාවික යාත‍්‍රා නිෂ්පාදන ආයතනයේදී අමාත්‍යවරයා ඇතුළු පිරිස එහි සේවය කරන 300කට අධික ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයන් ද හමුවූහ.

මෙරට ශ‍්‍රමිකයන් සඳහා දකුණු කොරියානු රාජ්‍යයේ රැකියා අවස්ථා ඉහළ නංවා ගැනීමේ අරමුණින් හා එරට රැකියාවල නියුතු ශ‍්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳව සොයා බැලීමේ අරමුණින් මෙම පිරිස එරට සංචාරයක නිරත වී ඇත.

KMB