Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් විදෙස් ලෝක සංචාරක දින නිල උළෙල ඊජිප්තුවේ

ලෝක සංචාරක දින නිල උළෙල ඊජිප්තුවේ

  • පී.ඩී.එෆ් (PDF)
Mvenpick_Resort_egypt

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය පවත්වන ලෝක සංචාරක දින නිල උත්සවය ඊජිප්තුවේ, අස්වාන් නුවර Mövenpick Resort හිදී පැවැත්වේ.

ඊජිප්තු සංචාරක අමාත්‍ය Mounir Fakhry Abdel-Nour මහතා අද පෙරවරු 9.30ට උළෙලේ පිළිගැනීමේ කතාව පැවැත්වීමට නියමිතය.

පස්වරු 1.00 දක්වා උත්සවය පැවැත්වෙන අතර අනතුරු ව මාධ්‍ය හමුවක් ද පැවැත් වේ.

‘සංචරණය - සංස්කෘතීන් අතර බැඳීම‘ යන තේමාවෙන් මෙවර ලෝක සංචාරක දිනය සැමරෙන බව එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය පවසයි.

සංචරණයෙන් ලොව සංස්කෘතීන් අතර බැඳීම් ඇතිකර ගැනීමට හැකි වේ. ලොව පුරා මිලියන ගණන් ජනතාව සෑම වසරක ම විවිධ රටවල සංචාරය කළ ද ලොව වෙනත් සංස්කෘතින්ට මීට පෙර අනාවරණය නො වූ විවිධ ජන කණ්ඩායම් මෙන් ම විවිධ ස්ථානයන් ද පවතී. ඔවුන්ගේ නානාප්‍රකාර සංස්කෘතීන්, පුද්ගල සහ සමාජ සබඳතාවන්ට ගරුකිරීම හා අන්‍යොන්‍ය අවබෝධය ඇතිකර ගැනීමෙන් වඩාත් සාමකාමී ලෝකයක් ගොඩනැඟෙන බව මෙවර සංචාරක දින සැමරුමේ දී අවධාරණය කෙරේ.

Hc