Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඉන්දීය ප්‍රීමියර් ලීග්-දිල්ලි පිල පරදා මුම්බායි ජය ලබයි

ඉන්දීය ප්‍රීමියර් ලීග්-දිල්ලි පිල පරදා මුම්බායි ජය ලබයි

  • පී.ඩී.එෆ් (PDF)
ipl_2011
ipl_mumbai_mainga

මුම්බායි පිලේ ලසිත් මාලිංග හොඳ ම ක්‍රීඩකයා වේ
ඉන්දියානු ප්‍රීමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ 4වන සහ 5වන තරග අද පැවැත්වේ. දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල හා මුම්බායි ඉන්දියන් පිල අතර දිල්ලි නුවර දී පැවති තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලු 8ක ජයක් වාර්තා කළහ.

දිල්ලි නුවර ෆෙරොස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ දී තරගය පැවැත්විණි.

එම තරගයේ හොඳම ක්‍රීඩකයා වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ලසිත් මාලිංගය. පන්දුවාර 3.4කදී ලකුණු 13කට කඩුලු 5ක් දවා ගැනීමට ඔහුට හැකිවිණි. ඔහුගේ පන්දු යැවීම හමුවේ පසුබෑමට ලක් වූ විරේන්ද්‍ර ෂෙවාග් නායකත්වය දරන දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට, පන්දුවාර 17.4ක දී සියලු දෙනා දැවී ගොස් රැස්කළ හැකි වූයේ ලකුණු 95ක් පමණි.

මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 16.5කදී කඩුලු 2කට ලකුණු 99ක් ලබමින් ජය වාර්තා කළහ. එම පිලේ නායක සචින් තෙන්ඩුල්කාර් නොදැවී ලකුණු 46ක් ලබාගත්තේ ය.

කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් පිල හා පූනේ වොරියර්ස් අතර තරගය මේ වනවිට මුම්බායිහි ආචාර්ය ඩී.වයි. පටෙල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

කාසියේ වාසිය දිනාගත් කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් පිලේ නායක ඇඩම් ගිල්ක්‍රිස්ට් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දු වාර 17ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 80ක් රැස්කර ගෙන සිටී.

පූනේ පිලේ නායකත්වය දරන්නේ මහේන්ද්‍ර සිං දෝනිය.