Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා චිත්‍රපට සංස්ථා භාරයට නව සාමාජිකයන්

චිත්‍රපට සංස්ථා භාරයට නව සාමාජිකයන්

  • පී.ඩී.එෆ් (PDF)
cinema_trustee_bd
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ජාතික චිත්‍රපට සංස්ථා භාරයේ භාරකාර මණ්ඩලයට නව සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ.

සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන සෝමරත්න දිසානායක, සනත් ගුණතිලක, ලාල් වීරසිංහ, රොජර් සෙනවිරත්න සහ අර්ජුන කමලනාත් මහත්වරුන් නව සාමාජිකයෝ වෙති.

මීට අමතර ව ආචාර්ය ඩී. වෙන්කතේෂ්වරන් මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත් කර තිබේ.

එම අවස්ථාවට ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ඩබ්. බී. ගනේගල සහ චිත්‍රපට සංස්ථාවේ සභාපති කුමාර් අබේසිංහ මහත්වරු ද එක් ව සිටියහ.