Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා අයිපීඑල් අද තරග - පන්ජාබ් පිලට කඩුලු 6ක ජයක්

අයිපීඑල් අද තරග - පන්ජාබ් පිලට කඩුලු 6ක ජයක්

  • පී.ඩී.එෆ් (PDF)
ipl_valthady

කේරළ සහ පූනේ කණ්ඩායම් අතර තරගය ඇරඹෙයි
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවති චෙන්නායි සුපර් කින්ග්ස් හා කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම් අතර තරගයෙන් කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් පිල කඩුලු 6ක ජයක් ලබා ගත්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කින්ග්ස් පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 188ක් රැස්කරගත් අතර මුරලි විජේ ලකුණු 74ක් ද සුබ්‍රමනියම් බද්රිනාත් ලකුණු 66ක් ද කණ්ඩායමට එකතු කළහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකරමින් කින්ග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 193ක් ලබාගනිමින් ජයග්‍රහණය වාර්තා කළහ. විසිවන පන්දු වාරයේ පළමු පන්දුවට කාර්තික් විසින් හයේ පහරක් එල්ල කරනු ලැබීමෙන් ජයග්‍රාහී කණ්ඩායම බවට පත්විය. පෝල් වල්තටි නොදැවී ලකුණු 120ක් ලබාගත් අතර තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස ද ඔහු සම්මාන ලැබීය. ඔහුගේ ඉනිමට හතරේ පහර 19ක් අයත් වූ අතර එය අයිපීඑල් තරගාවලියේ නව වාර්තාවක් ද වේ.

අද පැවැත්වෙන දෙවන තරගය වන කෝචි ටස්කර්ස් කේරළ කණ්ඩායම සහ පූනේ වොරියර්ස් කණ්ඩායම අතර තරගය මේ වනවිට මුම්බායිහිදී ආරම්භ වී තිබේ.

කාසියේ වාසිය දිනූ කෝචි ටස්කර්ස් කේරළ කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මුත්තයියා මුරලිදරන් ද එම කණ්ඩායමට ක්‍රීඩා කරති.

යුවරාජ් සිං නායකත්වය දරන පූනේ වොරියර්ස් කණ්ඩායමේ අල්ෆොන්සෝ තෝමස් පන්දු යැවීම ආරම්භ කළ අතර පළමු පන්දුවට ම කෝචි ටස්කර්ස් කේරළ කණ්ඩායමේ බ්‍රෙන්ඩන් මැකලම් දවා ලන්නා ලදී. මේ වනවිට පාර්තිව් පටෙල් සහ වීවීඑස් ලක්ෂ්මන් පන්දුවට පහර දෙමින් සිටිති.

Hc