Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා කේරළ හා චෙන්නායි කණ්ඩායම් අද තරගයට

කේරළ හා චෙන්නායි කණ්ඩායම් අද තරගයට

  • පී.ඩී.එෆ් (PDF)

ඉන්දියන් ප්‍රීමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් අද (18) කොචි, නේරු ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු කොචි ටස්කර්ස් කේරළ පිල හා මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුතු චෙන්නායි සුපර් කින්ග්ස් පිල අද තරගයට සහභාගි වෙති.

කේරළ කණ්ඩායමට මුරලිදරන් ද චෙන්නායි කණ්ඩායමට සුරාජ් රන්දිව් සහ නුවන් කුලසේකර ඇතුළත් ව සිටිති.
අද රාත්‍රී 8.00ට තරගය ආරම්භ වීමට නියමිත ය.

මේ වනවිට කොල්කටා පිල තරගාවලියේ පළමු ස්ථානයේ සිටින අතර පූනේ හා මුම්බායි කණ්ඩායම් දෙවන සහ තුන්වන ස්ථානවලට පත් ව සිටී.

Hc