Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඩිල්ශාන් ජාතික කණ්ඩායමේ නායකත්වයට

ඩිල්ශාන් ජාතික කණ්ඩායමේ නායකත්වයට

  • පී.ඩී.එෆ් (PDF)
tillakaratne_dilshan
ලබන මැයි මාසයේ පැවැත්වෙන ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ටී. එම්. ඩිල්ශාන් පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයකින් අද (18) ප්‍රකාශ කොට තිබේ.

මේ වනතෙක් උප නායකයා පත් කර නොමැති බව ද උප නායකයා පත්කළ වහා ම මාධ්‍ය වෙත දැනුම් දීමට පියවර ගන්නා බව ද එම නිවේදනයේ දැක්වේ.

34 වන වියේ පසුවන තිලකරත්න මුදියන්සෙලාගේ ඩිල්ශාන් මීට පෙර සිම්බාබ්වේ පැවති එක්දින තරගාවලියක දී ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දුන් අතර එහි ශූරතාව ද දිනාගැනීමට සමත් විය. ඔහු මේ දිනවල ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ක්‍රීඩාකරයි. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී තරග නවයක දී ලකුණු 500ක් ලබාගනිමින් පිතිකරු ලැයිස්තුවේ ඉහළින් ම සිටින්නට ද ඩිල්ශාන් සමත්විය.

තිලකරත්න ඩිල්ශාන් පිතිකරණය:
ටෙස්ට් තරග 66ක ඉනිම 105ක දී ලකුණු 3990ක් ලබා ඇත. ලැබූ වැඩි ම ලකුණු ගණන 168යි.
එක්දින තරග 203කදී ඉනිම 179ක ලකුණු 5456ක් ලබා ඇත. ලැබූ වැඩි ම ලකුණු ගණන 160යි.
විස්සයි20 තරග 32කදී ඉනිම 31ක ලකුණු 758ක් ලබා ඇත. ලැබූ වැඩි ම ලකුණු ගණන නොදැවී 96යි.

තිලකරත්න ඩිල්ශාන් පන්දු යැවීම:
ටෙස්ට් තරග 66ක ඉනිම 46ක දී කඩුලු 19ක් ලබා ඇත. හොඳම පන්දු යැවීම 4/10යි.
එක්දින තරග 203කදී ඉනිම 115ක කඩුලු 62ක් ලබා ඇත. හොඳම පන්දු යැවීම 4/4යි.
විස්සයි20 තරග 32කදී ඉනිම 12ක කඩුලු 4ක් ලබා ඇත. හොඳම පන්දු යැවීම  2/4යි.