Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාතික ආධුනික බොක්සිං සංගමයේ පරිපාලනයට අතුරු කමිටුවක්

ජාතික ආධුනික බොක්සිං සංගමයේ පරිපාලනයට අතුරු කමිටුවක්

  • පී.ඩී.එෆ් (PDF)
1973 අංක 25 දරණ ක‍්‍රීඩා පනතේ ක‍්‍රීඩා සංගම් නිලවරණ පැවැත්වීම පිළිබඳව ලබා දී  ඇති විධිවිධානවලට  පටහැනි ලෙස නිලවරණ පැවැත්වීමට කටයුතු යෙදීම හේතුවෙන් ක‍්‍රීඩා පනතින් ක‍්‍රීඩා අමාත්‍යවරයාට  ලබා දී ඇති බලතල අනුව දැනට නිලවරණ පැවැත්වීම අත්හිටුවා ඇති ආධුනික බොක්සිං සංගමයේ පරිපාලන කටයුතු සඳහා අතුරු පාලන කමිටුවක් පිහිටුවීමට ක‍්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව බොක්සිං ක‍්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළහැකි නව පරිපාලන කණ්ඩායමක් ඉදිරි දින කිහිපය තුළ පත් කිරීමට කටයුතු කරන බව ක‍්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ජාතික ක‍්‍රීඩාවන්ගේ උන්නතිය හා සංවර්ධනය වෙනුවෙන් ක‍්‍රීඩාව දියුණු කිරීමේ අරමුණුවලින් බැහැර ව ක‍්‍රීඩා පනතේ විධිවිධානවලට පටහැනි ලෙස කටයුතු කරන ක‍්‍රීඩා සංගම් පිළිබඳව දිගින් දිගට ම ලැබෙන පැමිණිලි හා චෝදනා පිළිබඳ ව ක‍්‍රීඩා අමාත්‍යංශය දැඩි අවධානයක් යොමුකර ඇත.

පනතේ විධිවිධානවලට බැහැර ව යන එවැනි සංගම්වලට එරෙහි ව ඉදිරියේ දී දැඩිව ක‍්‍රීයා කිරීමට සිදුවන බව අමාත්‍යංශය අවධාරණය කරයි.

DB