Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා සිනමා සම්මාන උළෙළ 29 වැනිදා

සිනමා සම්මාන උළෙළ 29 වැනිදා

  • පී.ඩී.එෆ් (PDF)
film
ලංකාවේ ප්‍රථම වරට ප්‍රවීණ සිනමා කලාකරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැ‍මෙන සිනමා සම්මාන උළෙල ලබන 29 දා පස්වරු 5.00ට ජාතික චිත්‍රපට සංස්ථා සිනමා ශාලාවේ දී පැවැත්වේ.

එහි දී දේශීය සිනමාව වෙනුවෙන් කැපකිරීම් සිදුකළ ප්‍රවීණ කලාකරුවන් 50ක් උදෙසා සම්මාන පිරිනැමීම සිදුවේ. මෙලෙස සම්මානයට පාත්‍ර වන බොහොමයක් කලාකරුවන් මේ වන විට ජීවතුන් අතර නොමැති අතර සෙසු කලාකරුවෝ කිසිවෙකුගේ පිළිසරණක් නො මැති ව අසරණ ව සිටිති.

ආර්ථික ප්‍රශ්න මෙන් ම රෝගී තත්ත්වයේ පසුවන කලාකරුවන් 8ක් උදෙසා එහි දී මුදල් ත්‍යාග පිරිනැමේ. සිනමා සම්මාන උළෙල සඳහා කොමර්ෂල් බැංකුව විසින් 25%ක අනුග්‍රහයක් දක්වන අතර ඉතුරු 75%ක මුදල පෞද්ගලික ධන පරිත්‍යාගශීලීන්ගෙන් ලැබී ඇත.

මෙලෙස සම්මාන උළෙලක් වර්ෂයක් පාසා ම පැවැත්වීම නුදුරු අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් පෞද්ගලිකව තම දායකත්වය ජාතික චිත්‍රපට සංස්ථාව ඇමතීමෙන් ලබා දිය හැකිය.

සිනමා උළෙල ජාතික චිත්‍රපට සංස්ථාවට අනුබද්ධ පදනම් දෙකක් වන ස්වර්ණ ලංකා තරු සංගමය හා චිත්‍රපට සංස්ථා තරු සංගමය එක් ව සංවිධානය කරනු ලබයි.

DB