Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා රයිගම් ටෙලි සම්මාන උළෙල 13 දා

රයිගම් ටෙලි සම්මාන උළෙල 13 දා

  • පී.ඩී.එෆ් (PDF)
raigam_tele_awardes

රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන 13 වන දා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කැබිනට් අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මෙවර උළෙලේදී සම්මාන 48ක් ප්‍රදානය කිරීමට නියමිත අතර එම සම්මාන කාණ්ඩ 04ක් යටතේ ඇගයීමට ලක්කොට ඇත.

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන, ටෙලිනාට්‍ය විශිෂ්ටතා සම්මාන, විශේෂ ප්‍රණාම සම්මාන සහ ජනප්‍රිය සම්මාන එම කාණ්ඩ හතරයි.

මාධ්‍ය විශිෂ්ටතා සම්මාන යටතේ අධ්‍යාපනික, ක්‍රීඩා, ළමා, සංගීත, වාර්තා, රියැලිටි, කථික වැඩසටහන් මෙන් ම ප්‍රවෘත්ති වාර්තාකරණය, ප්‍රවෘත්ති නිවේදක හා සම්ප්‍රවේශක යන අංශ ඇගයීමට ලක්කෙ‍රේ.

මෙවර උළෙළ සඳහා ප්‍රාසාංගික නාට්‍ය 68ක්, ඒකාංගික නාට්‍ය 24ක් හා රූපවාහිනී වැඩසටහන් 481ක් ඉදිරිපත් වී ඇත.

දේශීය කලා නිර්මාණ හා කලාකරුවන් ඇගයීමේ අරමුණින් පසුගිය 2004 වසරේ සිට මෙම සම්මාන උළෙල පැවැත්වේ.

KMB