Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙල හෙට සිට

ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙල හෙට සිට

  • පී.ඩී.එෆ් (PDF)
film
2600 සම්බුද්ධ ජයන්තිය නිමිති කොටගෙන පැවැත්වෙන ජාත්‍යන්තර බෞද්ධ චිත්‍රපට උළෙල හෙට (18) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ වේ.

හෙටින් ආරම්භ වන චිත්‍රපට උළෙල ලබන 22 දක්වා පැවැත්වේ. මෙම උළෙලට ජපාන, තායිලන්තය, චීනය ඉන්දියාව, කොරියාව ආදී රටවල් රැසක නිර්මාණ ඉදිරිපත් කෙරේ.

ස්ථාන 25ක දී පුළුල් තිර යොදා චිත්‍රපට දන්සැල් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර එහිදී බුද්ධ චරිතය තේමා කොටගත් කෙටි හා වෘතාන්ත චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ.

හෙට සිට ලබන 20 දක්වා නිදහස් චතුරස්‍රයේ සිට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව දක්වා බුද්ධ චරිතයේ විවිධ අවස්ථා නිරූපණය කෙරෙන පෙරහැරක් ද සංවිධානය කර ඇත.

ජාත්‍යන්තර චිත්‍රපට උළෙල සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මෙම වැඩසටහන් සංවිධානය කරයි.

DB