Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාතික කී‍්‍රඩා උළෙලේ තරග 04 දා සිට

ජාතික කී‍්‍රඩා උළෙලේ තරග 04 දා සිට

  • පී.ඩී.එෆ් (PDF)
cw_games

37 වන ජාතික කී‍්‍රඩා උළෙලේ දුර දිවීමේ තරගය (මැරතන්), පාපැදී තරග සහ ඇවිදීමේ තරග ලබන 04 වන දා කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පුත්තලම නගරයෙන් ආරම්භ වේ.

ඒ අනුව කිලෝ මීටර් 133ක දුරකින් යුත් පිරිමි රේසිං පාපැදි තරගය 04 වන දා පෙරවරු 9.30ට පුත්තලම ප‍්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කෙරේ. පුත්තලම ප්‍රධාන බස් නැවතුම අසලින් ආරම්භ වන පාපැදි තරගය 10 කණුව, ආනමඩුව, පලුගස්වැව, නිකවැරටිය, වාරියපොළ, කොච්චිකට්ටිය, ගල්කුලම හරහා ආපසු පුත්තලම නගරයෙන් අවසන් කෙරෙනු ඇත.

කිලෝ මීටර් 51.8කින් යුත් කාන්තා රේසිං පාපැදි තරගය ද එදින උදෑසන පුත්තලම නගරයෙන් ආරම්භ වී ගල්කුලම, තෝනිගල, ආණමඩුව, අට්ටවිල්ලුව හරහා පුත්තලම නගරයෙන් අවසන් වීමට නියමිතය.

කිලෝ මීටර් 21කින් යුත් පිරිමි දුර දිවීමේ තරගය හා  කිලෝ මීටර් 20ක දුරින් යුත් පිරිමි හා කාන්තා ඇවිදීමේ තරගය ද පුත්තලම නගරයෙන් ආරම්භ කෙරේ.

තරග ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් වෙනුවෙන් පළමුවන ස්ථානය සඳහා රන් පදක්කමක් සහිත ව මුදලින් රුපියල් 25,000.00ක් ද දෙවන ස්ථානය සඳහා රිදී පදක්කමක් සහිත ව මුදලින් රුපියල් 20,000.00ක් ද තුන්වැනි ස්ථානය සඳහා ලෝකඩ පදක්කමක් සහිත ව මුදලින් රුපියල් 15,000.00ක් ද ලබාදෙන අතර 10 වැනි ‍ස්ථානය දක්වා මුදල් ත්‍යාග හා සහතික පත් පිරිනැමේ.

DB