Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාතික කී‍්‍රඩා උළෙලේ තරග පුත්තලමෙන් ඇරඹෙයි

ජාතික කී‍්‍රඩා උළෙලේ තරග පුත්තලමෙන් ඇරඹෙයි

  • පී.ඩී.එෆ් (PDF)
sports_marathon

කාන්තා සහ පිරිමි මැරතන්, පාපැදි සහ ඇවිදීමේ තරග අද
37 වන ජාතික කී‍්‍රඩා උළෙලේ දුර දිවීමේ (මැරතන්), පාපැදි සහ ඇවිදීමේ තරග අද (04) පුත්තලමෙන්  ආරම්භ වේ.

කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් උත්සවය ආරම්භ වන අතර අද පෙරවරු 9.30ට පුත්තලම ප‍්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටින් කිලෝ මීටර් 133ක දුරකින් යුත් පිරිමි රේසිං පාපැදි තරගය ආරම්භ කෙරේ. එය 10 කණුව, ආනමඩුව, පලුගස්වැව, නිකවැරටිය, වාරියපොළ, කොච්චිකට්ටිය, ගල්කුලම හරහා ආපසු පුත්තලම නගරයෙන් අවසන් කෙරෙනු ඇත.

කාන්තා රේසිං පාපැදි තරගය ද අද පුත්තලමෙන් ආරම්භ වී ගල්කුලම, තෝනිගල, ආනමඩුව, අට්ටවිල්ලුව හරහා පුත්තලම නගරයෙන් අවසන් වේ. එය කිලෝ මීටර් 51.8කින් යුක්තය.

කිලෝ මීටර් 21කින් යුත් පිරිමි දුර දිවීමේ තරගය හා  කිලෝ මීටර් 20ක දුරින් යුත් පිරිමි හා කාන්තා ඇවිදීමේ තරගය ද පුත්තලම නගරයෙන් ආරම්භ කෙරේ.