Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා වවුනියාවේ සහෝදරත්වයේ ක‍්‍රිකට් සැණකෙළිය අදයි

වවුනියාවේ සහෝදරත්වයේ ක‍්‍රිකට් සැණකෙළිය අදයි

  • පී.ඩී.එෆ් (PDF)
cricket

උතුර දකුණ සහෝදරත්වයේ පාලම ගොඩනැගීම වෙනුවෙන් වූ සැහැල්ලු පන්දු වාර දහයේ ක‍්‍රිකට් සැණකෙළිය අද (04) වවුනියාව නගර සභා ක‍්‍රීඩාංගණයේ දී අද සවස 1.30ට ආරම්භ වන බව අප වවුනියා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි

.යෞවන කටයුතු අමාත්‍යංශය සහ පුනරුත්ථාපන අමාත්‍යංශය ඒකාබද්ධ ව සංවිධානය කරන ක‍්‍රිකට් සැණකෙළියේ  ආරම්භ කිරීමේ අවස්ථාවට දකුණ වෙනුවෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ද උතුරේ පුනරුත්ථාපනලාභීන් වෙනුවෙන් අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතා ද සහභාගීවීමට නියමිත ය.

පුනරුත්ථාපන ප‍්‍රතිලාභීන්ගේ කණ්ඩායම හා යෞවන සමාජ කණ්ඩායම, යෞවන කටයුතු සහ පුනරුත්ථාපන අමාත්‍යවරුන්ගේ කණ්ඩායම, අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ කණ්ඩායම සහ පළමු තරගය ජයග‍්‍රහණය කරන ලද කණ්ඩායම අතර ආදී වශයෙන් පන්දුවාර දහයේ සැහැල්ලු පන්දු ක‍්‍රිකට් තරග තුනක් පැවැත්වේ.

මෙයට සමගාමී ව යෞවන සමාජ කණ්ඩායම හා පුනරුත්ථාපන ප‍්‍රතිලාභීන්ගේ කණ්ඩායම අතර කඹ ඇදීමේ තරගයක්ද පැවැත්වීමට නියමිතය. ‍