Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ්‍රී ලංකාව කඩුලු තුනකට ලකුණු 372යි

ශ්‍රී ලංකාව කඩුලු තුනකට ලකුණු 372යි

  • පී.ඩී.එෆ් (PDF)
sl_v_eng_2_test_TMD

මහවැසි මැද තරගය අතරමඟ නතර වේ

(තෙවන සංස්කරණය) ශ්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිම මහවැසි මැද නතර විය. ඒ වනවිට ශ්‍රී ලංකා පිල කඩුලු තුනකට ලකුණු 372ක් ලබා සිටියහ.

නායකත්ව‍යේ ඉනිමක් ක්‍රීඩා කළ නායක තිලකරත්න ඩිල්ශාන් සිය ද්විත්ව ශතකය අබියස සිට ලකුණු 293කට දැවී ගියේ ය. ඩිල්ශාන් රැස්කළ එම ඉනිමට 4 පහර 20ක් ද 6 පහර 2ක් ද ඇතුළත් විය.

ඊයේ පස්වරු 3.40ට තරගය නතර කරන විට මහේල ජයවර්ධන ලකුණු 40ක් ද මහේල ජයවර්ධන එක් ලකුණක් ද ලබා ගනිමින් නොදැවී පන්දුවට පහර දෙමින් සිටියහ.

ලන්ඩනයේ ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ හතරවන දිනය අදයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පිල පළමු ඉනිමට සියලු දෙනාම දැවී ලකුණු 486ක් රැස්කරගෙන සිටී. මැට් ප්‍රයර් ලකුණු 126ක් ලබාගත්තේ ය.

චානක වෙලගෙදර කඩුළු 4ක් ද සුරංග ලක්මාල් කඩුළු 3ක් ද රංගන හේරත් කඩුළු 2ක් ද දිල්හාර ප්‍රනාන්දු එක් කඩුල්ලක් ද දවාගත්හ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි තරංග පරණවිතාන හා තිලකරත්න ඩිල්ශාන් ලකුණු 207ක් රැස්කරගෙන සිටිය දී පළමු කඩුල්ල දැවී ගියේ ය. ඒ ලකුණු 65ක් ලබා සිටි තරංග පරණවිතානයි. ඉන්පසු පිටියට පිවිසි කුමාර සංගක්කාර ලකුණු 26කට දැවී ගියේ ය.

Hc