Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයට සුදුසු කෘති තෝරයි‍

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයට සුදුසු කෘති තෝරයි‍

  • පී.ඩී.එෆ් (PDF)
National_art_festival

2011 රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානයට සුදුසු කෘතීන්හි නාම ලේඛනය සලකා බැලීම හෙට (13) සිට ලබන මස 13 දක්වා සිදු කෙරෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ විජිත කණුගල මහතා පවසයි.

ඒ අනුව 2010 ජනවාර් 01 දා සිට 2010 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ප්‍රථම වරට මුද්‍රණය කළ බව රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ කෘතීන් මේ සඳහා සලකා බැලේ.

මෙම කෘති පරීක්ෂා කිරීම හෙට සිට කාර්යාල වේලාවන්හි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, ජාතික කලා භවන, හා සියලු ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන් හි සංස්කෘතික අංශය යන ස්ථානවලදී සිදු කෙරේ.

මෙම සාහිත්‍ය සම්මාන සඳහා නවකතා, කෙටිකතා, පද්‍ය, ගීත, යොවුන් සාහිත්‍ය, නාට්‍ය,විද්‍යා ප්‍රබන්ධ, ළමා සාහිත්‍ය, ශාස්ත්‍රීය කෘති හා පරිවර්තන කෘති ආදි ක්ෂේත්‍ර ඇතුළත් වේ.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානය සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක් ව සංවිධානය කරයි.

SAKU