Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා රාජ්‍ය සංගීත උළෙලට නිර්මාණ භාර ගැනීම ඇරඹේ

රාජ්‍ය සංගීත උළෙලට නිර්මාණ භාර ගැනීම ඇරඹේ

  • පී.ඩී.එෆ් (PDF)
AWARDS

2011 රාජ්‍ය සංගීත උළෙල සඳහා නිර්මාණ භාර ගැනීම මේ දිනවල සිදු කරන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

2009 ජනවාරි 01 වන දා සිට 2010 දෙසැම්බර් 31 වන දා දක්වා එළි දක්වන ලද සිංහල හා දමිළ මාධ්‍ය නිර්මාණ මේ සඳහා භාරගන්නා අතර සිංහල හා දෙමළ අංශ සඳහා වෙන වෙන ම සම්මාන පිරිනැමීම සිදු කෙරේ.

2011 රාජ්‍ය සංගීත උළෙල සඳහා වසරේ ප්‍රශස්තම ගායනය ඒකල (පිරිමි හා කාන්තා), වසරේ ප්‍රශස්තම ළමා ගායනය ඒකල (බාලක හා බාලිකා), වසරේ ප්‍රශස්තම ජන ගායනය ඒකල (පිරිමි හා කාන්තා), ගී තනු සහ සංගීත නිර්මාණය, ගේය පද රචනය, ගීත රූප රචනය, සංයුක්ත තැටිය, ළමා ගේය පද රචනය, (විවෘත), ළමා ගී තනු සහ සංගීත නිර්මාණය, ළමා ගී රූප රචනය, ළමා ගී සංයුක්ත තැටිය, ජන ගායනය (සමූහ), ජන ගී නව නිර්මාණය ආදී අංශ 16ක් යටතේ තරග පැවැත්වෙන බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ විජිත් කණුගල මහතා සඳහන් කරයි..

එක් තරගකරුවෙකුට එක් ශීර්ෂයකින් එක් නිර්මාණයක් පමණක් ඉදිරිපත් කළ හැකි අතර සියලු නිර්මාණ ස්වතන්ත්‍ර, නිර්මාණාත්මක, උසස් තාක්ෂණයෙන් යුතු, මානව ගුණධර්මයන්ට අභියෝග නොකළ නිර්මාණ විය යුතුයි.

නිර්මාණකරුවන් අදාළ අයදුම්පත සමඟ අදාළ සංයුක්ත තැටි 2011 ජූලි 15 වන දිනට ප්‍රථම අධ්‍යක්ෂ, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, 8 වන මහල, සෙත්සිරිපාය, බත්තරමුල්ල ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය හැකි අතර රාජ්‍ය සංගීත අනු මණ්ඩලයේ ලේකම් වෙත ගෙනැවිත් ද භාර දිය හැකිය.

මේ පිළිබඳ ව වැඩි විස්තර 011-2872036 දූරකතන අංකයෙන් විමසීම් සිදු කළ හැකිය.

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය සංගීත අනු මණ්ඩලය එක් ව මෙම සම්මාන උළෙල සංවිධානය කරනු  ලබයි.

DB