Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා හම්බන්තොට ව්‍යාපෘති පොදුරද මඩුළු නිලධාරීන්ගේ නිරීක්ෂණයට

හම්බන්තොට ව්‍යාපෘති පොදුරද මඩුළු නිලධාරීන්ගේ නිරීක්ෂණයට

  • පී.ඩී.එෆ් (PDF)
mahindananda_hambanthota
mahindananda_hambanthota_2_

2018 වසරේ දී ශ්‍රී ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල වෙනුවෙන් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති හා ක්‍රීඩා නගරය පොදු රාජ්‍ය මණ්ඩල නිරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණයට ලක් විය.


එම සංවර්ධන ව්‍යාපෘතීන්ට අයත් හම්බන්තොට නගරය, වරාය, මත්තල ගුවන් තොටුපොළ, රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය, සුරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය හා මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් ද පොදු රාජ්‍ය මණ්ඩලීය විශේෂ නියෝජිත පිරිසේ නිරීක්ෂණයට ලක් විය.

මෙම නියෝජිත පිරිස දැනුවත් කිරීම වෙනුවෙන් මත්තල ගුවන් තොටුපොළ ව්‍යාපෘති කාර්යාලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ද පැවැත්විණි.

වරාය හා ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමී ව පෞද්ගලික අංශයේ දැවැන්ත සංවර්ධන ආයෝජන ව්‍යාපෘති රාශියක් පිහිටුවීමට සැලසුම් කර ඇති අතර එයින් මෝටර් රථ නිෂ්පාදන සමාගම්, තොරතුරු තාක්ෂණ නිෂ්පාදන සමාගම්, විශ්වවිද්‍යාල මෙන් ම හෝටල් සංකීර්ණ ද ඇතුළත් වන බව එම සාකච්ඡාවේ දී අනාවරණය විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවට ලැබීම මෙරට ආර්ථික සංවර්ධනයේ දැවැන්ත පිම්මක් සනිටුහන් කරන බව සඳහන් කළ ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරග පැවැත්වීම තුළින් එදා මලයාසියාව ලැබු ආර්ථික සංවර්ධන ඊට හොඳ ම නිදසුනක් වන බවද පැවසීය.

මෙම අවස්ථාවට මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජාතික ඔලිම්පික් කමිටු‍වේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, මහා මාර්ග අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා, ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් උදය සෙනවිරත්න මහතා ඇතුළු විශේෂ නිලධාරීන් පිරිසක් සහභාගි වුහ.



DB