Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලේ සංවිධායක මෙරටට

පොදුරාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලේ සංවිධායක මෙරටට

  • පී.ඩී.එෆ් (PDF)
beach_sports_festival
beach_sports_festival_1

2018 වසරේදී පැවැත්වීමට යෝජිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල සඳහා හම්බන්තොට නගරය සුදුසුදැයි බැලීමට පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ප‍්‍රධාන සංවිධායක මයික් හූපර් මහතා ඇතුළු නියෝජිතයෝ පිරිසක් හම්බන්තොට නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ.

එහිදී ප‍්‍රථම දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සූදානම් කරමින් පවතින හම්බන්තොට වෙරළ ක‍්‍රීඩාංගණය නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජිත පිරිස වෙරළ ක‍්‍රීඩා සංවිධායක  කමිටුවේ සභාපති, ශ‍්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය නීතිඥ ඩිලාන් පෙරේරා මහතා විසින් පිළිගන්නා ලදී.

මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජිත පිරිස සමඟ ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හම්බන්තොට දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ, පොදුරාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා සංවිධායක කමිටුවේ සභාපති අජිත් නිවාඩ් කබ්රාල්, ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප‍්‍රනාන්දු මහත්වරු ද සහභාගි වූහ.

KMB