Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

එක්දින තරගාවලියේ ජය එංගලන්තයට

  • පී.ඩී.එෆ් (PDF)
Old_Trafford_England

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති අවසාන එක්දින සීමිත ඕවර තරගයෙන් මීට ස්වල්ප මොහොතකට පෙර එංගලන්තය ජයග්‍රහණය කළ අතර තරග පහකින් සමන්විත තරගාවලියේ තරග තුනක් ජය ගැනීම නිසා තරගාවලියේ ජය හිමිකර ගැනීමට ද එංගලන්ත කණ්ඩායමට හැකිවිණි.

මැන්චෙස්ටර් ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසිය වාසිය දිනා එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දෙමින් පන්දු වාර 50 දී කඩුලු 9කට ලකුණු 268ක් ලබා ගත්තේ ය.

එංගලන්තය වෙනුවෙන් ජොනතන් ට්‍රොට් ලකුණු 77ක් ද ඉයන් මෝර්ගන් ලකුණු 57ක් ද හිමිකර ගත්තේය.

ශ්‍රී ලංකා පිල පන්දුවට පහර දෙමින් සංගක්කාර ලකුණු 54ක් ද දිනේෂ් චන්දිමාල් 54ක් ද ගත් අතර 30 වන පන්දු වාරය වනවිට කඩුලු 5ක් දැවී ලකුණු 131ක් ලබා අසීරු තත්ත්වය සිටි කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් හා ජීවන් මෙන්ඩිස් (48) එක් ව ලකුණු 102ක සබඳතාවක් ගොඩනංවා ගනිමින් ලකුණු මට්ටම 233 දක්වා ඉහළට ගෙන ආහ.

නමුත් පන්දුවාර 48.2ක දී ලකුණු 252කට අවසාන කඩුල්ලත් දවා ගැනීමට හැකිවීමෙන් ලකුණු 16ක ජයග්‍රහණයක් හිමිකර ගෙන අද තරගයත්, 3-2ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණයත් තමන් සතු කර ගැනීමට එංගලන්තයට හැකිවිණි.