Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා පාසල් මලල ක්‍රීඩකයන්ගේ අභිවෘද්ධිය සඳහා 'ක්‍රීඩා ශක්ති' අරමුදලෙන් ප්‍රතිලාභ

පාසල් මලල ක්‍රීඩකයන්ගේ අභිවෘද්ධිය සඳහා 'ක්‍රීඩා ශක්ති' අරමුදලෙන් ප්‍රතිලාභ

  • පී.ඩී.එෆ් (PDF)

ජාතික ක්‍රීඩා සංචිත සඳහා තෝරා ගත් කුසලතා සපිරි පාසල් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘද්ධිය සඳහා ක්‍රීඩා ශක්ති අරමුදල යොදා ගන්නා බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරීමට ක්‍රීඩා ශක්ති අරමුදල හරහා වසරකට රු. මිලියන 17ක් වැය  කරන අතර මලල ක්‍රීඩිකාවකට හෝ ක්‍රීඩකයෙකුට මසකට රුපියල් 1000/- බැගින් වූ මුදලක් ද මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ලබා දේ. ඔවුන්ගේ අනාගත ක්‍රියාකාරකම් දිරිමත් කිරීමට එම මුදල දෙගුණ කිරීමට ඉදිරියේ දී පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය තවදුරටත් ප්‍රකාශ කරන පරිදි මෙම ක්‍රීඩා ශක්ති අරමුදල ප්‍රතිසංවිධානය කිරීමට හේතු වන්නේ ජාතික සංචිත සඳහා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ දී ප්‍රගති වාර්තාව සැලකිල්ලට නොගැනීම වැනි අක්‍රමිකතා සහ ක්‍රීඩකයන් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩා කිරීමේ දී ඇති දුර්වලතා නිසාය.

මේ මොහොතේ සිට ක්‍රීඩා අමාත්‍යාංශයේ බලධාරීන් විසින් හඳුනා ගනු ලැබූ ක්‍රීඩා 15ක් ඉලක්ක කර ගනිමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධීක්ෂණය කිරීමක් සිදු කරන අතර එමගින් කුසලතා සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික සංචිත වෙත යොමු කරනු ඇත.

ප්‍රතිලාභීන්ගේ දක්ෂතා හා ප්‍රගතිය අධීක්ෂණය කිරීමට ක්‍රීඩා ශක්ති අරමුදලේ බලාපොරෙත්තුවයි. එහි දී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබා දෙන අරමුදල් විධිමත් ව කළමනාකරණය කිරීමට ප්‍රගති වාර්තාවක් යොදා ගනී.

මේ පිළිබඳ ව පාසල් ක්‍රීඩා සංගම්, විදුහල්පතිවරු හා ක්‍රීඩා සංවිධානවල නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා වැඩමුළුවක් ඊයේ (11) ජාතික ඔලිම්පික් මධ්‍යස්ථානයේ දී ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

NDH/ SS