Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ජාතික සංචිතවලට උතුරේ පුහුණු කඳවුර කිලිනොචිචියේ

ජාතික සංචිතවලට උතුරේ පුහුණු කඳවුර කිලිනොචිචියේ

  • පී.ඩී.එෆ් (PDF)

උතුරු පළාතේ ක්‍රීඩා සංවර්ධන වැඩසටහනට සමගාමී ව ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන කිලිනොච්චි ක්‍රීඩා කුසලතා හඳුනා ගැනීමේ වැඩමුළුව පසුගියදා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චි ප්‍රධාන ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

තරුණ තරුණියන් 2500කට අධික පිරිසක් සහභාගී වූ ක්‍රීඩා කුසලතා හඳුනා ගැනීමේ කඳවුර සඳහා ක්‍රිකට්, පාපන්දු, රගර්, වොලිබෝල්, බාස්කට් බෝල්, කරාටේ, ජූඩෝ, කබඩි, ජිම්නාස්ටික්, බැට්මින්ටන්, ටෙනිස් හා මලල ක්‍රීඩා වෙනුවෙන් පුහුණු වැඩසටහන් රාශියක් පැවැත් වූ අතර මෙහි දී හඳුනා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික සංචිත මට්ටම දක්වා ගෙන යාමට ද කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

මෙම ක්‍රීඩා කඳවුර සඳහා සහභාගී වන සෑම තරුණ තරුණියකට ම ක්‍රීඩා අමාත්‍යංශය මගින් ට්‍රැක් බොටම්, ටී ෂර්ට්, සපත්තු හා ආහාරපාන ලබා දුන් අතර ක්‍රීඩා කටයුතු පිළිබඳ විද්වත් දේශන හා සම්මන්ත්‍රණ ද පවත්වන ලදී.

NDH