Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ලෝක ශූරතා ආබාධිත වොලිබෝල් ශූරතාවලිය

ලෝක ශූරතා ආබාධිත වොලිබෝල් ශූරතාවලිය

  • පී.ඩී.එෆ් (PDF)

ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය හෙට

ලෝක ආබාධිත වොලිබෝල් ශූරතා තරගාවලියේ ශී‍්‍ර ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය හෙට (23) කාම්බෝජයේ දී පැවැත්වේ. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායම චෙකොස්ලෝවැකියානු කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතය.

ලෝක ශූරතා ආබාධිත වොලිබෝල් තරගාවලිය ජුලි මස 20දා ආරම්භ වු අතර එළැඹෙන 30දා දක්වා තරග පැවැත්වේ.

තරගාවලිය සඳහා ඒ.එස්.සී.කේ. අර්ථනායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 19දා දිවයිනෙන් පිටත් ව ‍ගියේය.

ශී‍්‍ර ලංකාවේ වොලිබෝල් කණ්ඩායමක් ලෝක ශූරතා තරගාවලියක් සඳහා තරග වදින ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර ශී‍්‍ර ලංකා කණ්ඩායම නියෝජනය කරන සියලු ම කී‍්‍රඩකයින් පසුගිය සමයේ රට, ජාතිය වෙනුවෙන් සටන් වැදි රණ විරුවන් වීම ද විශේෂත්වයකි.

DB