Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා කපුගේ ශූරීන් සැමරුම අගෝස්තු 07

කපුගේ ශූරීන් සැමරුම අගෝස්තු 07

  • පී.ඩී.එෆ් (PDF)
gunadasa_kapuge

ශ්‍රී ලාංකේය සුභාවිත සංගීතයේ නොමියෙන සලකුණක් වන අභවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදී ගුණදාස කපුගේ ශූරීන්ගේ 66 වැනි ජන්ම දින සැමරුම් උළෙල ලබන අගෝස්තු 07 වන දා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වීමට නියමිතය.

මෙදිනට සමරු දේශනයක්, වාර්තා වැඩසටහනක් හා සමරු ගී ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසයි. සමරු දේශනය ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පවත්වනු ලැබේ.

සමරු ගී ප්‍රසංගය සඳහා මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද නන්දා මාලනී, විශාරද බණ්ඩාර අතාවුද, කරුණාරත්න දිවුල්ගනේ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, හර්ෂ බුලත්සිංහල, අනුලා බුලත්සිංහල, සන්ධ්‍යා බුලත්සිංහල, පුණ්‍යා කත්‍රිආරච්චි, කුමාරි මුණසිංහ, රොඩ්නි වර්ණකුල, මානෙල් ඩී.තෙන්නකෝන්, කසුන් කල්හාර හා මර්සි එදිරිසිංහ යන කලාකරුවෝ සහභාගි වෙති.

සැමරුම් උළෙල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ගුණදාස කපුගේ කලා පදනම මඟින් සංවිධානය කර තිබේ.

PR