Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ගුණදාස කපුගේ සැමරුම් උළෙල 7 වන දා

ගුණදාස කපුගේ සැමරුම් උළෙල 7 වන දා

  • පී.ඩී.එෆ් (PDF)
kapuge

ශ්‍රී ලාංකේය සුභාවිත සංගීත ක්ෂේත්‍රයේ නොසැලෙන සලකුණක් වූ ප්‍රවීණ සංගීතවේදී ගුණදාස කපුගේ ශූරීන්ගේ 66 වන ජන්ම දින සැමරුම් උළෙල (07) දා පස්වරු 6.00 ට සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැත්වේ.


කපුගේ 66 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් සමරු දේශනයක්, වාර්තා වැඩ සටහනක් හා සමරු ගී ප්‍රසංගයක් පැවැත්වෙන අතර කපුගේ සමරු දේශනය ප්‍රවීණ ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පවත්වනු ලබයි.

සමරු ගී ප්‍රසංගය සඳහා මහාචාර්ය සනත් නන්දසිරි, විශාරද නන්දා මාලිනී, විශාරද බණ්ඩාර ආතාවුද, කරුණාරත්න දිවුල්ගනේ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, මිත්‍ර කපුගේ, ජගත් වික්‍රමසිංහ, ප්‍රදීපා ධර්මදාස, ජානක වික්‍රමසිංහ, දිපිකා ප්‍රියදර්ශනී,  හර්ෂ බුලත්සිංහල, අනුලා බුලත්සිංහල, සන්ධ්‍යා බුලත්සිංහල, පුණ්‍යා කත්‍රීආරච්චි, කුමාරි මුණසිංහ, රොඩ්නි වර්ණකුල, මානෙල් ඩී.තෙන්නකෝන්, කසුන් කල්හාර සහ මර්සි එදිරිසිංහ ආදී කලාකරුවෝ සහභාගි වෙති.

සැමරුම් උළෙල සංස්කෘතික කටයුතු දෙපර්තමේන්තුව හා ගුණදාස කපුගේ කලා පදනම විසින් සංවිධානය කරනු ලබයි.

DB