Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා විදෙස් කී‍්‍රඩා සංචාර පිළිබඳ වාර්තා දින 14ක් තුළ දිය යුතුයි

විදෙස් කී‍්‍රඩා සංචාර පිළිබඳ වාර්තා දින 14ක් තුළ දිය යුතුයි

  • පී.ඩී.එෆ් (PDF)

කී‍්‍රඩා අමාත්‍යාංශය

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කී‍්‍රඩා තරගවලට සහභාගි වන කී‍්‍රඩා සංගම්වල කළමනාකරණ වාර්තාව දින 14ක් ඇතුළත ක්‍රීඩා අමාත්‍යංශය වෙත භාර දිය යුතු බව ක්‍රීඩා අමාත්‍යංශය සඳහන් කරයි.

කී‍්‍රඩා පනතේ විධිවිධානවලට අනුව නිසිපරිදි කී‍්‍රඩා අමාත්‍යංශයට භාරදිය යුතු නමුත් ඇතැම් සංගම් එම විධිවිධානවලට පරිබාහිර ව කටයුතු කිරිමට පෙළඹී ඇති බැවින් ක්‍රීඩා අමාත්‍යංශය මෙම තීරණය ගෙන ඇත.

කී‍්‍රඩා අමාත්‍යංශයේ අනුග‍්‍රහයෙන් දකුණු ආසියාතික, ආසියාතික, පොදු රාජ්‍ය මණ්ඩලීය හා ඔලිම්පික් තරග ඇතුළු ලෝක ශූරතා තරග සඳහා සහභාගි වන කී‍්‍රඩා සංගම් විදේශ තරගවලදී කී‍්‍රඩා කළ ආකාරය හා එහි ප‍්‍රගතීන් පිළිබඳ ව කී‍්‍රඩා අමාත්‍යංශය දැනුවත් කළ නමුත් ඇතැම් සංගම් මෙම ක‍්‍රියා මාර්ගය අනුගමනය නොකරන බව පෙනෙන්නට තිබෙන බැවින් කළමනාකාර වාර්තා නිසිපරිදි ලබා නොදෙන සංගම්වලට මින් ඉදිරියට මුල්‍ය ප‍්‍රතිපාදන හා අනුග‍්‍රාහක මුදල් ලබාදීමේදී විශේෂයෙන් මේ පිළිබඳ ව අවධානය යොමු කරන බව කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.

DB