Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා විස්සයි 20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ජය

විස්සයි 20 තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ජය

  • පී.ඩී.එෆ් (PDF)
sl_aus_t20_080811
sl_aus_t20_080811_1

අජන්ත මෙන්ඩිස් ජයග්‍රහණය කරා කණ්ඩායම ගෙනයයි
ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ (08) රාත්‍රියේ අවසන් වූ විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 8ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිණි.

ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේ විස්සයි 20 තරග දෙකක් පැවැත්වුණු අතර එම තරග දෙක ම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පිල එහි ශූරතාව හිමිකර ගත්තේ ය.

පසුගිය 6 වන දා පැවති තරගයෙන් ලකුණු 35ක ජයග්‍රහණයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගය ද ජයගත් බැවින් තරගාවලිය ජයග්‍රහණය කළේ ය. තරග දෙකම පැවැත්වුණේ පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දු වාර 20 අවසානයේ කඩුලු 9කට ලකුණු 157ක් රැස්කළ අතර මහේල ජයවර්ධන පන්දු 63කදී 4 පහර 12ක් සහ එක් හයේ පහරක් සමඟ ලකුණු 86ක් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියානු පිල පන්දු වාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කළේ ලකුණු 149ක් පමණි.

සුවිශේෂී පන්දු යැවීමක නිරත වූ අජන්ත මෙන්ඩිස් පන්දු වාර 4ක දී නිලකුණු පන්දුවාරයක් සමඟ ලකුණු 16කට කඩුලු 6ක් දවා ගැනීම ශ්‍රී ලංකා පිලට ජයග්‍රහණය ගෙන දීමට මහෝපකාරී විය. ඔහු තරගයේ හොඳම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය.

තරග 5කින් සමන්විත පන්දුවාර 50 එක්දින තරගාවලියේ පළමු තරගය හෙට (10) ආරම්භ වන්නේ ද පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයෙනි.