Friday, Jul 20th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ්‍රී ලංකා පිල 300 වන එක්දින ජයග්‍රහණය අභියස

ශ්‍රී ලංකා පිල 300 වන එක්දින ජයග්‍රහණය අභියස

  • පී.ඩී.එෆ් (PDF)
sl_flag

අද (10) පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරගයෙන් ජයගැනීමට ලැබුණොත් එය ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 300 වන එක්දින ක්‍රිකට් තරග ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වනු ඇත

.අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව මුහුණ දෙන 634වන එක්දින ක්‍රිකට් තරගයයි. මේ දක්වා තරග 633කට මුහුණදෙමින් ඉන් තරග 299ක් ශ්‍රී ලංකාව ජයගෙන තිබේ.

සංචාරක ඔස්‌ට්‍රේලියානු පිල සමඟ පවත්වන තරග 5 යුත් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 2.30ට ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, ජීවන් මෙන්ඩිස්‌, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්‌, රංගන හේරත්, තිසර පෙරේරා, සුරංග ලක්‌මාල්, නුවන් කුලසේකර, සුරාජ් රන්දිව්, චාමර සිල්වා සහ ශමින්ද්‍ර එරංග ක්‍රීඩකයන් අතරින් නම් කෙරෙනු ඇත.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම - මයිකල් ක්‌ලාක්‌ (නායක), රිකී පොන්ටින්, ෂේන් වොට්‌සන්, මයිකල් හසී, ඩේවිඩ් හසී, ක්ෂේවියර් ඩොරත්, බ්‍රැඩ් හැඩින්, ඩග් බොලින්ජර්, ජෝන් හැස්‌ටින්ග්ස්‌, මිෂෙල් ජොන්සන්, ෂෝන් මාෂ්, ඩේම්ස්‌ පැටින්සන් සහ ස්‌ටීවන් ස්‌මිත්ගෙන් සමන්විත වේ.

Hc