Sunday, Sep 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා පළමු තරගයේ දී ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

පළමු තරගයේ දී ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

  • පී.ඩී.එෆ් (PDF)
upul_tharanga

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට හිමි වූ අතර මේ වන විට තරගය ආරම්භ වී තිබේ.

තෙමසක තරග තහනමකින් පසු ව උපුල් තරංග කණ්ඩායමට එක් ව සිටින අතර ඔහු සමඟ නායක තිලකරත්න ඩිල්ශාන් පළමුව පිටියට පිවිස සිටී.

මීට සුළු වේලාවකට පෙර මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩංගණයේ දී පැවති කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නායක ඩිල්ශාන් තිලකරත්න කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙන බව ප්‍රකාශ කළේ ය.

ලකුණු 250 ඉක්මවා යාමට හැකිනම් එය මේ ක්‍රීඩාපිටියේ ඉතා හොඳ ලකුණු සංඛ්‍යාවක් වනු ඇතැයි ඩිල්ශාන් පැවසීය.

ශ්‍රී ලංකා පිල මෙතෙක් එක්දින තරග 299ක් දිනා ගෙන 300 වැනි ජයග්‍රහණය අපේක්ෂාවෙන් පිටියට පිවිසේ. 2005 පසු ව මව්බිමේ දී එක්දින තරග 35කට මුහුණ දී ඉන් 25ක් ජයගැනීමට ශ්‍රී ලංකා පිල සමත් ව සිටී.

ඔස්ට්‍රේලියානු පිලේ මිෂෙල් ජොන්සන් සිය 100 වැනි එක්දින තරගයට අද සහභාගී වීම ද විශේෂිතය.

Hc