Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ්‍රී ලංකා ඉනිම ලකුණු 191කට අවසන්

ශ්‍රී ලංකා ඉනිම ලකුණු 191කට අවසන්

  • පී.ඩී.එෆ් (PDF)
suraj_randive

මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා පිල ලකුණු රැස්කිරීම අවසන් කළේ සියලු දෙනා ලකුණු 191කට දැවී යාමෙනි.

අද පස්වරු 2.30ට තරගය ආරම්භ වූ අතර ලකුණු 54ක් ලබා සිටියදී පළමු කඩුල්ල ලෙස උපුල් තරංග ලකුණු 34කට දැවී ගියේය. නායක ඩිල්ශාන් රැස්කළේ ලකුණු 29කි.

එක් හයේ පහරක් සමඟින් සුරාජ් රන්දිව් ලකුණු 41ක් ලබාගත් අතර හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටියදී නුවන් කුලසේකර අවසන් කඩුල්ල ලෙස දැවී ගියේ ය.

117කට කඩුලු 7ක් ව අසීරු තත්ත්වයකට කණ්ඩායම පත් ව තිබූ අවස්ථාවේ සුරාජ් රන්දිව් සහ නුවන් කුලසේකර එක් ව 8 වැනි කඩුල්ලටලකුණු 60ක අනගි සබඳතාවක් ගොඩනගමින් 177 දක්වා ලකුණු මට්ටම ඉහළට නැංවූහ.

Hc