Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඉදිරියේ දී මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා

ඉදිරියේ දී මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා

  • පී.ඩී.එෆ් (PDF)
Mahindananda_aluthgamage2

ක්‍රීඩා ඇමැති

ඉදිරියේදී මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ජයග‍්‍රහණ රැසක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.


අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ප‍්‍රධාන මලල කී‍්‍රඩා පුහුණුකරු තනතුරු පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

එම ජයග‍්‍රහණ ලබාදීමේ අභියෝගය ඇත්තේ මලල කී‍්‍රඩා සංගමයට බැවින් එය සාර්ථක ව ඉටුකිරීම මලල කී‍්‍රඩා සංගමයේ වගකීම බවත් පැවසීය.

ආසියානු කී‍්‍රඩා උළෙලේ දී ශී‍්‍ර ලංකාව ලැබු පරාජය සැලකිල්ලට ගෙන මලල කී‍්‍රඩා ක්ෂේත‍්‍රය සංවර්ධනය කිරිම සඳහා ක‍්‍රියාත්මක කර තිබෙන සිව් අවුරුදු ජාතික මලල කී‍්‍රඩා සැලැස්ම යටතේ කී‍්‍රඩාව සංවර්ධනය කිරිමට අවශ්‍ය උපදෙස් හා මඟපෙන්වීම කී‍්‍රඩා අමාත්‍යාංශය ඉහළින් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

DB