Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා දිස්ත්‍රික් කී‍්‍රඩා කමිටු යළි පිහිටුවීමට පියවර

දිස්ත්‍රික් කී‍්‍රඩා කමිටු යළි පිහිටුවීමට පියවර

  • පී.ඩී.එෆ් (PDF)
mahindananda_aluthgamage

දිස්ත‍්‍රික් කී‍්‍රඩා කටයුතු සංවර්ධනය කිරීම සඳහා කී‍්‍රඩා දිස්ත‍්‍රික් කී‍්‍රඩා කමිටු පත්කිරීම කෙරෙහි කී‍්‍රඩා අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

දිස්ත‍්‍රික්කයේ කී‍්‍රඩා කටයුතු සංවර්ධනය කිරිම, පාලනය කිරීම මෙම කමිටුවලට පැවරෙන අතර දිස්ත‍්‍රික්කයේ කී‍්‍රඩා කටයුතු සම්බන්ධයෙන් කී‍්‍රඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීමේ වගකීමද මෙම කමිටුවලට පැවරී තිබේ.

සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු ව සාමාජිකයින් 13 කින් සමන්විත වන දිස්ත‍්‍රික් කී‍්‍රඩා කමිටුවේ නිලබලයෙන් පළාත් කී‍්‍රඩා අමාත්‍යවරයා හා දිස්ත‍්‍රික්කයේ මහජන මන්තී‍්‍රවරයෙකු සම සභාපතීත්වය දරන අතර නිලබලයෙන් දිසාපතිවරයා දිස්ත‍්‍රික් කී‍්‍රඩා කමිටුවේ ලේකම්වරයා වේ.

භාණ්ඩාගාරික තනතුර නියෝජ්‍ය පොලිස්පතිවරයා දරන අතර පළාත් පාලන කොමසාරිස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, අධ්‍යාපන අධ්‍යක්ෂ, මහා මාර්ග අධ්‍යක්ෂ, දිස්ත‍්‍රික් කී‍්‍රඩා නිලධාරිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරින් කණ්ඩායමක් දිස්ත‍්‍රික් කී‍්‍රඩා කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරති.

දිස්ත‍්‍රික් හා පළාත් කී‍්‍රඩා උළෙලවල් සංවිධානය කිරීම, කී‍්‍රඩා පුහුණු කඳවුරු, පුහුණු  සංචිත, කී‍්‍රඩා සංගම් දියුණු කිරිම, ග‍්‍රාමීය කී‍්‍රඩා කටයුතු සංවර්ධනය කිරිම, කී‍්‍රඩා ශක්ති වැඩ සටහන ආදි කී‍්‍රඩා ක‍්‍රියාකාරකම් දියුණු කිරීම සඳහා දිස්ත්‍රික් කී‍්‍රඩා කමිටු මඟින් විශේෂ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන අතර ම කී‍්‍රඩා පරිපාලනය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් මෙම කමිටු මඟින් ලැබෙනු ඇතැයි කී‍්‍රඩා අමාත්‍යංශය විශ්වාසය පළ කරයි.

DB