Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා දකුණු ආසියාතික වෙරළ කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව සුදානම්

දකුණු ආසියාතික වෙරළ කී‍්‍රඩා උළෙලට ශී‍්‍ර ලංකාව සුදානම්

  • පී.ඩී.එෆ් (PDF)
beach_sports

කී‍්‍රඩා අමාත්‍යාංශය
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථමවරට පැවැත්වෙන දකුණු ආසියාතික වෙරළ කී‍්‍රඩා උළෙල ඔක්තෝම්බර් 08 දින සිට 17දා දක්වා හම්බන්තොට දී පැවැත්වෙන අතර එම තරගාවලියට සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩකයින් මේ දිනවල පුහුණු කටයුතුවල නිරත වන බව කී‍්‍රඩා අමාත්‍යාංශය පවසයි.

තරග ඉසව් 10ක් ඉලක්ක කරගෙන පැවැත්වෙන දකුණු ආසියාතික වෙරළ කී‍්‍රඩා උළෙල සඳහා ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, මාලදිවයින, ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය රටවල් නියෝජනය කරමින් තරගකරුවෝ සහභාගි වෙති.

නෙට්බෝල්, වොලිබෝල්, බාස්කට් බෝල්, අත්පන්දු, කබඩි, තුරඟ, පිහිනුම්, රුවල් ඔරු, පාපන්දු හා කායවර්ධන තරග ඉසව් සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිත ය.

ඔක්තෝම්බර් මස පැවැත්වෙන වෙරළ කී‍්‍රඩා තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩකයින් මේ දිනවල මීගමුව සහ ගල්කිස්ස ප‍්‍රදේශවල වෙරළ පුහුණු කටයුතුවල නිරත වේ.

DB