Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවැනි, එක්දින ක්‍රිකට් තරගය අද

ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා දෙවැනි, එක්දින ක්‍රිකට් තරගය අද

  • පී.ඩී.එෆ් (PDF)
sl_flag

සංචාරක ඔස්‌ට්‍රේලියානු පිල සමඟ පවත්වන තරග 5 යුත් එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද ප.ව. 2.30ට හම්බන්තොට දී ආරම්භ කෙරේ.

හම්බන්තොට, සූරිය වැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරගයක් ලෙස අද තරගය පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම තම 300 වන එක්දින ක්‍රිකට් තරග ජයග්‍රහණය අභියස සිටී.

අද පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාව මුහුණ දෙන 635වන එක්දින ක්‍රිකට් තරගය වන අතර මේ දක්වා තරග 634කට මුහුණදෙමින් ඉන් 299ක් ජයගෙන තිබේ.

2005 පසු ව මව්බිමේ දී එක්දින තරග 36කට මුහුණ දී ඉන් 25ක් ජයගැනීමට ශ්‍රී ලංකා පිල මේ වනවිට සමත් ව සිටී.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්‌, ජීවන් මෙන්ඩිස්‌, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්‌, රංගන හේරත්, තිසර පෙරේරා, සුරංග ලක්‌මාල්, නුවන් කුලසේකර, සුරාජ් රන්දිව්, චාමර සිල්වා සහ ශමින්ද්‍ර එරංග ක්‍රීඩකයන් අතරින් නම් කෙරෙනු ඇත.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම - මයිකල් ක්‌ලාක්‌ (නායක), රිකී පොන්ටින්, ෂේන් වොට්‌සන්, මයිකල් හසී, ඩේවිඩ් හසී, ක්ෂේවියර් ඩොරත්, බ්‍රැඩ් හැඩින්, ඩග් බොලින්ජර්, ජෝන් හැස්‌ටින්ග්ස්‌, මිෂෙල් ජොන්සන්, ෂෝන් මාෂ්, ඩේම්ස්‌ පැටින්සන් සහ ස්‌ටීවන් ස්‌මිත්ගෙන් සමන්විත වේ.