Wednesday, Jul 18th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා හම්බන්තොට තරගයේ දී ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

හම්බන්තොට තරගයේ දී ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

  • පී.ඩී.එෆ් (PDF)
hambantota_MR_ICStadium

ලසිත් මාලිංග සහ රංගන හේරත් අද කණ්ඩායමට
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අද (14) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා පිලට හිමි වූ අතර ප.ව 2.30ට තරගය ආරම්භ කිරීමට සූදානම් ව තිබේ.

මීට සුළු වේලාවකට පෙර හම්බන්තොට ක්‍රීඩාංගණයේ දී පැවති කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවේදී ශ්‍රී ලංකා නායක ඩිල්ශාන් තිලකරත්න කාසියේ වාසිය දිනාගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙන බව ප්‍රකාශ කළේ ය.

අද තරගයට ලසිත් මාලිංග සහ රංගන හේරත් එක් ව සිටින අතර සුරංග ලක්මාල් සහ සුරාජ් රන්දිව් අද තරගයට සහභාගී නො වේ.