Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා කොළඹ දිස්ත්‍රික් යෞවන සම්මාන උළෙල අද

කොළඹ දිස්ත්‍රික් යෞවන සම්මාන උළෙල අද

  • පී.ඩී.එෆ් (PDF)
ජාතික තරුණ සේවා සභාව වාර්ෂික ව පවත්වනු ලබන යෞවන සම්මාන ප්‍රදාන උළෙලට සමගාමී ව කොළඹ දිස්ත්‍රික්කයේ පවත්වන යෞවන සම්මාන උළෙල අද (14) පස්වරු 3.30ට රජයේ චිත්‍රපට සංස්ථාවේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ.

මෙම සම්මාන උළෙල ජල සම්පාදන හා ජලපවාහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, පළාත් සභා සංස්කෘතික අමාත්‍ය උපාලි කොඩිකාර, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහත්වරුන් හා ප්‍රවීණ කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමට නියමිත ය.

මෙම සම්මාන උළෙල යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පැවැත්වේ.

Hc