Monday, Sep 24th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා දකුණු ආසියාතික වෙරළ කී‍්‍රඩා පුහුණුවීම් සඳහා මිලියන 13ක්

දකුණු ආසියාතික වෙරළ කී‍්‍රඩා පුහුණුවීම් සඳහා මිලියන 13ක්

  • පී.ඩී.එෆ් (PDF)
Beach_Games

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රථමවරට පැවැත්වෙන දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා උළෙල සඳහා සහභාගි වීමට ක්‍රීඩා ඉසව් 10ක පුහුණුවීම් කටයුතු සිදු කරනු ලබන ක්‍රීඩා සංගම් සඳහා රුපියල් මිලියන 13ක් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා තරග සඳහා සහභාගි වන කී‍්‍රඩා සංගම් මේ වන විට පුහුණුවීම් කටයුතු ආරම්භ කර ඇති අතර එම පුහුණු කටයුතු සඳහා කී‍්‍රඩා අමාත්‍යංශයෙන් පළමු අදියර යටතේ රුපියල් මිලියන 05ක් ලබා දී ඇති අතර දෙවැනි අදියර යටතේ රුපියල් මිලියන 13ක් ලබා දී ඇත.

ශී‍්‍ර ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා ගැනීමෙහිලා වෙරළබඩ කී‍්‍රඩා උළෙල ඉතා වැදගත් වන අතර විශේෂයෙන් නෙට්බෝල්, වොලිබෝල්, බාස්කට් බෝල්, කායවර්ධන යනාදී තරග ඉසව්වලින් ජයග‍්‍රහණ ලබා ගැනීමේ අවස්ථාව වැඩි බව කී‍්‍රඩා අමාත්‍යංශය පවසයි.

දකුණු ආසියාතික වෙරළබඩ කී‍්‍රඩා උළෙල සඳහා ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, නේපාලය, මාලදිවයින, ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය යන රටවල් සහභාගි වේ.

නෙට්බෝල්, වොලිබෝල්, බාස්කට් බෝල්, කබඩි, තුරඟ, පිහිනුම්, රුවල් ඔරු, පාපන්දු, කායවර්ධන තරග ඉසව් සඳහා ශී‍්‍ර ලංකාව තරග වැදීමට නියමිතය.

කී‍්‍රඩාව, ශී‍්‍ර ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනාගැනීම මෙන් ම කී‍්‍රඩාව ආර්ථික සංවර්ධනයට ප‍්‍රධාන භූමිකාවක් නියෝජනය කරන බැවින් කී‍්‍රඩාව හරහා සංචාරක කර්මාන්තයට මෙන් ම රටේ සෙසු ආර්ථික වැඩපිළිවෙළ ද වේගවත් වන බව කී‍්‍රඩා අමාත්‍යංශය අවධාරණය කරයි.

DB