Tuesday, Jul 17th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා චිත්‍රපට සංස්ථාව මිලියන 50ක ආදායමක් බලාපොරොත්තු වෙයි

චිත්‍රපට සංස්ථාව මිලියන 50ක ආදායමක් බලාපොරොත්තු වෙයි

  • පී.ඩී.එෆ් (PDF)

ජාතික චිත්‍රපට සංස්ථාව ‍2011 වර්ෂයේ දී රුපියල් මිලියන 50ක ආදායමක් ඉපැයීමට බලාපොරොත්තු වන බවත් ලබන වසරේ රුපියල් මිලියන 100ක පමණ ආදායමක් දක්වා එය වර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති කුමාර් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.


තමා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් වැඩ භාර ගන්නා අවස්ථාව වන විට සංස්ථාවේ ආදායම මිලියන 20ක් වැනි ඉතා සුළු ප්‍රමාණයක පැවති බව පැවසු ඒ මහතා පසුගිය වසර පුරා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ හා ගන්නා ලද තීරණයන් හේතුවෙන් මේ වන විට ආදායම ඉහළ ගොස් ඇතැයි ද කීය.

අබේසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) පස්වරුවේ නාමෙල් මාලනී පුංචි තියටර් මිනි චිත්‍රපට ශාලාවක් බවට පත්කිරීමේ අරමුණු පැහැදිලි කිරීම වෙනුවෙන් පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

දඹුල්ල, මාතලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක ම ආයෝජකයන් සමඟින් මිනි සිනමා ශාලා ආරම්භ කිරීම සඳහා සා‍කච්ඡා කොට ඇති අතර ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ප්‍රකාශ කළ සභාපතිවරයා බිඳවැටෙන චිත්‍රපට ශාලා ‍ගොඩනැගීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් දී ඇති බවත් ඒ සඳහා මේ වන විටත් කටයුතු කරමින් පවතින බවත් පැවසීය.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගය ලබා දෙමින් ඉදිරියේ දී රිත්මා මණ්ඩලය ශක්තිමත් කිරීමට බලාපොරොත්තුවන බවත් රිත්මා මණ්ඩලය හා එක්වීමට පෞද්ගලික සිනමා ශාලා කිහිපයක් ම ඉල්ලීම් කොට ඇති බවත් වැඩිදුරටත් පැවසීය.

DB