Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

ශ්‍රී ලංකා පිල පළමුව පිතිහරඹයට

  • පී.ඩී.එෆ් (PDF)

චාමර සිල්වා හා ශමින්ද එරංග අද කණ්ඩායමට
ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තරග 5කින් සමන්විත එක්දින තරගාවලියේ අද (16) හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තෙවැනි තරගය මේ වනවිට ආරම්භ වී තිබේ.

කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාර්ක් ශ්‍රී ලංකා පිලට පහරදීමට ආරාධනා කළේ ය.‍

මේ වනවිට නායක තිලකරත්න දිල්ශාන් සමඟ රංගන හේරත් නොදැවී පළමු කඩුල්ලට ලකුණු 64ක් රැස්කර ගෙන සිටී.

අද තරගයට චාමර සිල්වා හා ශමින්ද එරංග එක් ව සිටින අතර  රංගන හේරත් සහ පාදයක ආබාධයක් නිසා ඇන්ජලෝ මැතිව්ස් ද අද තරගයට සහභාගී නො වේ.

නායක දිල්ශාන් පැවසුවේ ශමින්ද පන්දුවට පහරදීමට මෙන් ම පන්දු රැකීමට ද මනා හැකියාවකින් යුත් ක්‍රීඩකයෙකු වන අතර ඔහුට පැයට කිමී 135ක වේගයෙන් පන්දු යැවිය හැකි බවයි.

අද ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ජීවන් මෙන්ඩිස්‌, ලසිත් මාලිංග, අජන්ත මෙන්ඩිස්‌, නුවන් කුලසේකර, සුරාජ් රන්දිව්, චාමර සිල්වා සහ ශමින්ද්‍ර එරංග.

Hc