Monday, May 21st

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා තරගාවලිය ජය ගැනීමේ දෙවන අපේක්ෂාව අද

තරගාවලිය ජය ගැනීමේ දෙවන අපේක්ෂාව අද

  • පී.ඩී.එෆ් (PDF)
sl_au_flag

ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා එක්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණය කරා යාමට නම් අද (20)  පැවැත්වෙන තරගය ද ශ්‍රී ලංකා පිල ජයගත යුතු වෙයි.

තරග 5කින් සමන්විත තරගාවලියේ තරග 2ක් ම මේ වනවිට ජයගෙන සිටින ඕස්ට්‍රේලියාව අද තරගාවලියේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් පිටියට පිවිසෙන අතර 2-1 ලෙස තිබෙන තරග ජයග්‍රහණ ප්‍රතිඵලය 2-2 කර ගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පිල අද තරගයට මුහුණදෙති.

කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අද පස්වරු 2.30ට ඇරඹෙන තරගය දිවා රාත්‍රී තරගයකි.

සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ දී පසුගිය 16 වැනි දා අවසන් වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 78ක ජයග්‍රහණයක් වාර්තා කළහ. එම තරගයේ දී උපුල් තරංග ලකුණු 111ක් ලබා ගත් අතර තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. පළමු සහ දෙවන තරග දෙක ම ජයගත්තේ ඕස්ට්‍රේලියාවයි.

ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, ජීවන් මෙන්ඩිස්‌, අජන්ත මෙන්ඩිස්‌, නුවන් කුලසේකර, සුරාජ් රන්දිව්, සුරංග ලක්මාල්, සීක්කුගේ ප්‍රසන්න, ලසිත් මාලිංග, චාමර සිල්වා සහ ශමින්ද්‍ර එරංග ක්‍රීඩකයන් අතරින් නම් කෙරෙනු ඇත.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායම - මයිකල් ක්‌ලාක්‌ (නායක), රිකී පොන්ටින්, ෂේන් වොට්‌සන්, මයිකල් හසී, ඩේවිඩ් හසී, ක්ෂේවියර් ඩොරති, බ්‍රැඩ් හැඩින්, ඩග් බොලින්ජර්, ජෝන් හැස්‌ටින්ග්ස්‌, මිෂෙල් ජොන්සන්, ෂෝන් මාෂ්, ඩේම්ස්‌ පැටින්සන් සහ ස්‌ටීවන් ස්‌මිත්ගෙන් සමන්විත වේ.

අශෝක ද සිල්වා සහ ටෝනි හිල් අද තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කරති.

Hc