Wednesday, May 23rd

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඔස්ට්‍රේලියාව තරගාවලිය ජයගනී

ඔස්ට්‍රේලියාව තරගාවලිය ජයගනී

  • පී.ඩී.එෆ් (PDF)
au_v_sl_rp_cmb

ඔස්ට්‍රේලියානු පිල අද (20) රාත්‍රියේ එක්දින තරගයේ ජය හිමිකර ගනිමින් තරග 3-1ක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය වාර්තා කර ගැනීමට සමත්වූහ.

ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී අවසන් වූ සිව්වන එක්දින තරගයෙන් කඩුලු පහක ජයක් හිමි කර ගනිමින් ඔස්ට්‍රේලියානු පිල එම ජයග්‍රහණය හිමිකර ගත් හ.

ශ්‍රී ලංකා පිල කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ ද ඉනිම නිමා වූයේ  පන්දුවාර 38.4ක දී සියලු දෙනා ලකුණු 132කට දැවීයාමෙනි.

එම ඉනිමේ දී මහේල ජයවර්ධන ලකුණු 53ක් වාර්තා කිරීමට සමත්විය. මුල් පෙළ පිතිකරුවන් අතරින් සංගක්කාර ලකුණු 31ක් ද දිල්ශාන් ලකුණු 12ක් ද ලබා ගත්හ. මැද පෙළ පිතිකරුවෝ සියලු දෙනා ම ලකුණු අතරට ඒමට අසාර්ථක වූහ.

බ්‍රෙට් ලී සහ ක්ෂේවියර් ඩොරති කඩුලු 4 බැගින් දවාලීමට සමත් විණි. තරගයේ හොඳ ම ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබුවේ ද ක්ෂේවියර් ඩොරති ය.

ලකුණු 133ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියාව කඩුලු 5ක් දැවී එම ජයග්‍රහණය වාර්තා කළේ පන්දු වාර 28කට පමණක් මුහුණ දෙමිනි.

අද ටෙස්ට් වරම් හිමිකර ගත් සීක්කුගේ ප්‍රසන්න පන්දුවාර 6ක දී කඩුලු 3ක් ද ලසිත් මාලිංග කඩුලු 2ක් ද බිඳදැමීමට සමත් වූහ.