Tuesday, Sep 25th

Last update04:58:08 PM GMT

You are here පුවත් ක්‍රීඩා, සිනමා හා කලා ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට

ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමට

  • පී.ඩී.එෆ් (PDF)

අවසන් එක්දින තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක තිලකරත්න දිල්ශාන් පන්දු රැකීමට තීරණය කළ අතර මේ වනවිට ඔස්ට්‍රේලියා පිතිකරුවන් පන්දුවට පහර දීමට පිටියට පැමිණ සිටී.

මේ තරගාවලියේ මෙතෙක් පැවති තරග හතරේ දී කාසියේ වාසිය දිනූ සෑම කණ්ඩායමක් ම පරාජයට පත් වීම සුවිශේෂී සිදු වීමක් වේ.

අද ශ්‍රී ලංකා පිලෙන් නුවන් කුලසේකර ඉවත්කර ඇති අතර ජීවන් මෙන්ඩිස් කණ්ඩායමට කැඳවා තිබේ. චාමර සිල්වා අද තරගයට ද එක් ව සිටින අතර පසුගිය එක්දින තරගවල දී ඔහු ලකුණු ලබා ඇත්තේ 4, 3, 13, 9, 0 ලෙසිනි.

ෂේන් වොට්සන් සහ ෂෝන් මාර්ෂ් පළමුවෙන් පිටියට පිවිසි අතර ශමින්ද එරන්දගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් මාර්ෂ් ලකුණු 2ක් ලබා තිබියදී පිටියෙන් ඉවත් වූයේ 2වන පන්දු වාරයේ දී ය. රිකී පොන්ටින් පිටියට පැමිණ සිටී.

කොළඹ, ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරගය පැවැත්වේ.

අද ශ්‍රී ලංකා කණ්‌ඩායම - ටී. එම්. ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්‌කාර, මහේල ජයවර්ධන, ඇන්ජලෝ මැතිව්ස්‌, ජීවන් මෙන්ඩිස්‌, අජන්ත මෙන්ඩිස්‌, සීක්කුගේ ප්‍රසන්න, ලසිත් මාලිංග, චාමර සිල්වා සහ ශමින්ද්‍ර එරංග.